🌀.. 49.. හෙලිදරව්ව...

2.9K 526 294
                                    

☄️☄️ The Neighbor ☄️☄️.......

රත්තා පහලට දුවගෙන ගියේය ... සමහර විට කුමක් හෝ අත්‍යාවශ්‍ය රාජකාරියක් ඇති නිසා ෂියැන්  කලින් පැමිණියා වන්නට ඇතැයි සිතමින් යීබෝ  කමිසය හැදගත්තේය...... ගේට්ටුව ඇරෙන හඬත් ඊටත් වඩා වේගයෙන්  සතුබබා  පඩිපෙළ නැගගෙන උඩට දුවගෙන එන හඩත් යීබෝට ඇසුනි.... බියෙන් මෙන් දුවගෙන ආ රත්තා  යලිත් යීබෝව පිටුපසින් වැළඳගෙන හති අරින්නට පටන් ගත්තේය....දැන් නොනවත්වා නිවසේ සීනුව නාද වන්නේය....

" කවුද බබා......"

රත්තා කතාකරන්නෙ නැත.....

" කෝ යමු පහලට බලන්න......"

යීබෝ  රත්තාව අතින්  අල්ලාගෙන පඩිපෙල බැස ගෙන එද්දී ප්‍රධාන දොරටුව අසල හිටගෙන සිටින තැනැත්තා දැක එතැනම නතරවිය.....

**

"මමා............"

යීබෝ  පුදුමයෙන් මිමිනුවේය ... රත්තා යීබෝගේ පිටට මුහුණ තදකරගෙන සිටින අතර එක්වරක් පමණක් හිස දිගුකර ඇයදෙස බැලුවේය   ... යීබෝ  පුදුමයෙන් සිටින්නේ මේ මොහොතේ ඇය මෙතනට පැමිණියාටත් වඩා ඇගේ ස්වරූපය දුටු නිසාවෙනි..... වෙන තාත්තා ගාම්භීරත්වය ඕනෑවටත් වඩා පිළිඹිබු  කරවන ඒ මුහුණ අද මැලවී ගොස් ඇත.. ඊටත් වඩා රත්පැහැ වී ඇති දෑස් එක්කෝ ඇය හදා ඇති බවට හෝ එසේත් නැතිනම් නිදි වරා ඇති බවට සාක්ෂි දරන්නේ ය....

" දෙන්නම ඔහොම බලාගෙන ඉන්නෙ මට ඇතුලට ඇවිල්ලා  වාඩි වෙන්න කියලා වත් කියන්නෙ නැද්ද...."

සෑහෙන වෙලාවක් පැවති නිහැඩියාව බිඳිමින් ඇය එළෙසින් කීවේය..

" එ....එන්න....වාඩිවෙන්න ......."

මේ වෙලාවේ එසේත් නැත්නම් උදෑසන 6 වන විට ඇය මෙතන සිටින්නට නම් පාන්දර 2 ට වත් බෙයිජින්  වලින් පිටත් විය යුතු බව යීබෝ  හොදින්ම දන්නේය....

" සතු මැණික ......කෙට්ට්ල් එක ගහන්න.....අපි කෝපි බීලා ඉමු..."

මව බලා සිටියදීම පිට මැදට මුහුණ තියාගෙන සිටි රත්තාව ඉදිරියට ගත් යීබෝ  අවුල්වී ඇති හිසකේ සකසමින් කීවේය .....රත්තා  ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මකින් යීබෝ  දෙස බලා ඒ දෑස්වල තිබු විශ්වාසය හඳුනාගත් නිසාදෝ නිහඬවම මුලුතැන්ගෙය දෙසට  ගියේය....

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now