☄️☄️ The Neighbor ☄️☄️.....
" කෝ........ මේකත් බොන්න...... හ්ම්ම්...දැන් හරි..."
යීබෝ වැඩට යන්නට සූදානම් වී රත්තාට උදෑසන ආහාර ලබාදී බෙහෙත් ටිකත් දුන්නේය ...
" දවල් කෑම අරගෙන අව්වේ බයිසිකල් පැදගෙන එන්න තහනම්... ෂියැන් එයි කෑම එක ගන්න..."
බෙහෙත් බී අවසන්ව ශීතකරනය විවෘත කරගෙන ඒ තුලට හිසත් ඔබාගෙන සිටින රත්තාට යීබෝ කීවේය ...
" අනේ.......මං එතකොට දවල්ට ඔයාව බලන්නෙ කොහොමද .."
හඬන්නට සූදානම් වුණු හඬකින් රත්තා අසන්නේය....
" මම හවසට ගෙදර එනවනේ.....හරි දවල් කෑම එක කන වෙලාවට මම ඔයාට කෝල් එකක් ගන්නම්.."
ඉතින් රත්තා අකමැත්තෙන් නමුත් හා යැයි කියමින් හිස සැලුවේය....ඒත් සමඟම ෂියැන් ඇවිත් ඇතිබව නලා හඩ දැනුම් දුන්නේය...
" කෝ එන්නකො ඉතින් මගේ සතු බබා ..."
යීබෝ රත්තාව ලඟට ගත්තේය ... ඉතින් තවමත් යීබෝ ඒ නම මුමුණද්දී රත්තා රත්පැහැ වන්නේය...
" හ්ම්ම්....අව්වෙ නටන්න තහනම් හොදේ .... ගෙදර යන්නෙ නැත්නම් උඩට ගිහින් ඇදෙන් ඉන්න..... තේරුනාද හ්ම්ම්...."
යීබෝ රත්තාගේ හිස් මුදුනටත් නලලටත් හාදු තබමින් කීවේය ...
" මං අපේ ඇදේ නිදියනවා...."
යීබෝ හා යැයි හිස සලා රත්තාගේ ගෙල මතිනුත් හාදුවක් තැබුවේය ... ඉතින් ඔහු සිනාසෙන්නේය ... ඇත්තෙන්ම එතැනට හාදු තබන්නට යීබෝ ප්රියකරන්නේය... ඊට හේතුවක් නැත...නමුත් රත්තාගේ ගෙල අසල දෙතොල් තබාගෙන ඉන්නට ඔහු ප්රිය කරන්නේය....
රත්තාගේ සිනාව සවනත දරාගෙනම යීබෝ ගේට්ටුවත් වසාගෙන ජීප් රථයට නැග්ගෙය...
" අද සීන් පුතා නැද්ද සර්...."
හැමදාමත් යිබෝ සමඟ ගේට්ටුව අසලට එන රත්තා අද පෙනෙන්නට නොමැති නිසාවෙන් ෂියැන් වටපිට බලමින් ඇසුවේය ..
" එයාට උණ...."
යීබෝ අසුන්ගන්නා ගමන් කීවේය ....
" හදිසියේම උණ....."
" හ්ම්ම්ම්..."
ඉතින් එතනින් එහාට දෙදෙනාම නිහඬ විය... කොහොමත් ඔෆිසර් වන්ග් යීබෝ එතරම් කතා කරන්නට කැමති පුද්ගලයෙක් නොවන බව ෂියැන් හොදින්ම දන්නේය...
YOU ARE READING
The Neighbor..... yizhn fan fiction ...( Complete )
Fanfictionඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️