🌀.. 46.. තවත් පුදුම කිරීමක්..

3.2K 569 481
                                    

☄️☄️ The Neighbor ☄️☄️............

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

"අහ්ම්.......අනේ පපා.............කෝ.....ඔයා......"

රත්තා සෙමින් දෑස් හැරියේ සිරුරට දැනෙන අපහසුවත් සමඟින් ය..... නමුත් ඔහුට අනෙක්පස යීබෝ  නැතිනිසා අපහසුවෙන් ම අදෙන් වාඩිවුනේය.......

" අහ්ම්ම්......ආයි........."

රත්තා  වකුටුවී වාඩිවී සිටියත් ඔහු වටපිටාව හොදින් විපරම් කරන්නේ යීබෝ  කොහි දැයි සොයන්නටයි....

විශාල ජනේලය තිරවලින් වසා ඇති නිසා දැන් වෙලාව කීයද යි කියා වත් ඔහුට හරියට අනුමාන කර ගන්නට නොහැකිය....

" පපා........පපා........අනේහ්...."

එක්වරම හිතට මහා අසරණ බවක් දැනෙද්දී රත්තා ඉකිබිදින්නට පටන්ගත්තේය  ..... ඇදෙ උවත් වාඩිවී සිටින්නට නොහැකි නිසා ඔහු යලිත් ඇදේ දිගාවිය....

" අනේ පපා එන්නකෝ............."

බ්ලැන්කට් එකට ගුලිවෙමින් රත්තා මුමුණන්නේ ය....

තවත් විනාඩි කිහිපයක් ගතවෙද්දි කොටේජ් එකේ ලී පඩිපෙල කවුරුන්හෝ වේගයෙන් නැගගෙන එන අයුරු රත්‍තාට ඇසුනි......

" පපා.........අනේ ....පපා........"

රත්තා  අපහසුවෙන් කෙදිරි ගාද්දීම යීබෝ  දොර ඇරගෙන වේගයෙන් ඇද අසලට ආවේය ...

" මගෙ රෝස මල නැඟිට්ටද....... පපා ගියා මැණිකට බෙහෙත් අරගෙන එන්න.......මට බය හිතුනනේ උදේ ලාවට ඇඟත් රත්වෙලා තියෙද්දී...."

යීබෝ  රත්තා ගුලිවී සිටින බ්ලැන්කට්ටුව ඉවත්කර හඩමින් සිටින සතුබබාව පපුවට තුරුළු කරගත්තේය .....

" මම....බය...වුනා......."

රත්තා යීබෝගේ පපුවට තුරුළු වෙමින් කීවේය ....

" මොනවටද මගෙ මැණික බයවුනේ.....පපා දාලා ගියා කියලද හ්ම්ම්ම්ම්....... ඔයාට දවල් වෙද්දී අමාරුවුනොත් කියලා මම හොස්පිට්ට්ල් එකට ගියේ .... මේ ලඟපාත ෆාමසියක් වත් නෑ බබා......"

රත්තා නිහඩව අසා සිටින්නේය....

" කෝ......මම සුප් එකක්  ඕඩර් කරලා ගියේ.......අන්න ඒක ටේබල් එක උඩ....අපි ඒක බීලා බෙහෙත් බොමු.........ඒකරලා හොද නින්දක් දාලා නැඟිට්ටහම අඩුවෙයි මගෙ බබාට..."

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now