🌀.. 52.. අතීතය ඇස් ඉදිරියේ....

2.8K 539 226
                                    

☄️☄️ The Neighbor ☄️☄️.......

",ආෂ්.........සතුබබා ..........නැඟිටින්න මගෙ කොන්දත් රිදෙනවා........"

හිරු නැගෙන්නටත් ප්‍රථමව සිරුරට දැනෙන අපහසුව නිසාම යීබෝ අවදි විය.. ඉතින් සතුබබා සුවසේ නිදාසිටින නිසාම යීබෝ  තවත් අඩහෝරාවක් පමණ එලෙසින්ම සිටියේය ........ දැන්නම් ඔහුට ඉවසාගෙන ඉන්නට නොහැකිය..... සෝපාවේ ඇති අපහසුවත් රත්තාගේ බරත් නිසා යීබෝ  කෑගැසුවේය ...

" අහ්ම්....පපා  ........නිදියන්න දෙන්නකෝ..."

රත්තා තවත් හරිබරි ගැසෙමින් යීබෝගේ ගෙල අස්සට මුහුණ ගසාගත්තේය ....

",සතූ පපාට චූ බරයි.........මේ සෝපාවෙ ඔයත් උස්සගෙන  ඉදලා කොන්ද රිදෙනවා ......."

තරමක් උස් වූ ස්වරයෙන් එලෙසින් කියද්දී නම් රත්තා හිස ඔසවා යීබෝ  දෙස බැලුවේය ....

" මහලොකුවට මාව සෝපාවට එලෙව්වා........ අන්තිමට එයත් මගෙ ඇගේ......."

යීබෝ  සිනාසෙමින් කියද්දී පෙරදින රාත්‍රියේ තිබූ යක්ෂ මුහුණම රත්තා යලිත් හදාගත්තේය ...පසුව යීබෝගේ සිරුර මතින් නැංගිට්ටේය ..

" ඕකත් දඩුවමේ කොටසක් තමයි ..... සෝපාවට නිකං දැම්මට වැඩක් නෑනේ......බරකුත් එක්ක නිදියන්න දෙන්න ඕන...."

ලැජ්ජාව වසාගැනීමට උවත් රත්තා කෝපයෙන් එලෙසින් කියද්දී යීබෝ  හිනාව කාගෙන වොෂ් රූම් එකට ගියේය .... ඒ වනවිට උදෑසන හයවත් වී නැති නිසා රත්තා යලිත් ඇදට පැන බ්ලැන්කට්ටුව පොරවා ගත්තේය ...

" මාත් එන්නද සතූ........"

බර නිදහස් කරගෙන පැමිණි යීබෝ  ඇද අසලට විත් උපරිම අහිංසක ලෙසින් අසද්දී රත්තා ඒ මුහුණ දෙස ටිකවෙලාවක් බලාගෙන සිටියේය .....

" හ්ම්ම්ම්...."

පසුව ඔහු එලෙසින් පවසා අනෙක් පසට හැරුනේය .... යීබෝ  ඉක්මනින් ඇද අයිනෙන් හාන්සිවී බ්ලැන්කට්ටුව තුලට රිංගාගත්තේය ..

" සතූ අද කොලේජ් යන්නෑ හොදේ.......'

විනාඩි කිහිපයක් පැවති නිශ්ශබ්දතාවය බිද දමමින් යීබෝ  කියද්දී රත්තා සැනින් ඔහු දෙසට හැරුනේය ...

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now