I DON'T KNOW, BUT I LOVE YOU🙂

2.1K 350 36
                                    


🐰මොකද ටෙඩී ඔයා සයිලන්ට් වුනේ.

🐯නෑ නෑ..

🐰මොකක්ද නැත්තෙ?

🐯මුකුත් නැහැ.යනවකො මෙතනින්.

🐰ඇයි මාව එලවන්න හදන්නෙ.

🐯මේක මගෙ රූම් එක නිසා.

🐰ඒ නිසාමද එතකොට මාව එලවන්නෙ.මන් හිතුවා මට තියෙන අකමැත්තට කියලා.

🐯මන් මොකටද අකමැති වෙන්නෙ.
පොඩ්ඩක් හිටාම් මූ කිව්වෙ අකමැති කියලා නේද?👀
හරිනෙ ආසාව දැන් ඔය කුප්ප හා මූනක් හදන් අර හා දත් හිනාවත් දාගෙන ඉන්නෙ මන් කියපු ගොන් කතාවට.

🐰ඔයා මට කැමතියිද ටෙඩී?.

🐯පිස්සුද තමුසෙට?මන් මොකටද හා තඩියෙක්ට කැමති වෙන්නෙ වෙන වැඩ නෑනෙ මට හුහ්.

🐰ඒ කියන්නෙ මට කැමති ?

🐯ඔව්.හෑ නෑ මන් කිව්වෙ නෑ .

ටේහිය්‍යුන් අතින් කටත් වහගෙන එයා ජන්කුක්ට කැමති නෑමයි කියලා පොලවෙ පස් කන්න සූදානම් වෙද්දී .

ටේහිය්‍යුන් දිහා ටිකවෙලාවක් බලන් හිටපු ජන්කුක් ටේහිය්‍යුන් ගාවට ගිහින් ටේහිය්‍යුන්ගෙ උරහිසෙන් අත තිබ්බෙ ටේහිය්‍යුන් ගැස්සිලා යද්දී .

කිසිම දෙයක් නොකියපු ජන්කුක් දිගටම ටේහිය්‍යුන්ගෙ ඇස් දිහා බලන් ඉන්න ගත්තෙ ටේහිය්‍යුනුත් කතාවක් නැතුවම ජන්කුක්ගෙ ඇස් දිහා බලන් ඉද්දී.
තත්පරයක් දෙකක් තුනක් දෙන්නම කිසිම කතාවක් නැතුව එකිනෙකාගෙ ඇස් වල අතරමං වෙලා පාර හෙව්වත් ඒකෙන් වුනේ දෙන්නම තවත් අතරමං වුන එක.

ටේහිය්‍යුන් ඇස් දෙක පොල් සයිස් කරන් ජන්කුක් දිහා බලන් ඉද්දී මෙච්චර වෙලා ටේහිය්‍යුන්ගෙ ඇස් වල අතරමන් වෙලා හිටපු ජන්කුක් ටේහිය්‍යුන්ගෙ ලිප්ස් වලට නැවිලා සොෆ්ට් කිස් එකක් දුන්නෙ තාම මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඇසුත් ලොකු කරන් ටේහිය්‍යුන් ජන්කුක් දිහා බලන් ඉද්දී.

🐰ටේහිය්‍යුන් මන් දන්නවා මේක වැරදියි කියලා.ඒත් හැගීම් එක්ක අපි හැමෝම ගොඩක් අසරණ වෙනවා.මන් හිතනවා ඔයාට මාව තේරුම්ගන්න පුළුවන් ඇති කියලා ටේහිය්‍යුන්.

ටේහිය්‍යුන්ගෙ මූන ගාවටම නැවිලා කතාකරපු ජන්කුක් යන්න හැදුවත් එකපාරටම ටේහිය්‍යුන් ජන්කුක්ගෙ අතින් අල්ලගත්තෙ ජන්කුක් ටේහිය්‍යුන්ගෙ අත දිහාත් ටේහිය්‍යුන් දිහාත් මාරුවෙන් මාරුවට බලද්දි.

🐯ඔයා හිතනවද ජන්කුක් ඔයා විතරයි හැගීම් හින්දා අසරණ වෙන්නෙ කියලා.🙂

🐰ටේහිය්‍යුන් ඔයා...

🐯මන් කතාකරනකන් ඉන්න.
ඔයා හිතුවද එක හැසිරීමකින් කෙනෙක්ගෙ හිතේ ඒ කෙනා ගැන තිබ්බ ආදරේ නැති කරන්න පුළුවන් කියලා..ආ..කියනවා ජන්කුක් .

🐰ඔයා..මොනා..ගැනද කියවන්..

🐯ඉන්න..මන් කිව්වනෙ කතාකරලා ඉවරවෙනකන් ඉන්න.අහන් ඉන්න බැරි නම් යන්න.

ටේහිය්‍යුන් කියන දේවල් එක්ක එක එක අදහස් හිතට ආවත් ඒ කිසිම දෙයක් නොකියා ජන්කුක් කටවහන් හිටියෙ ටේහිය්‍යුන් කියන්න යන දේ දැනගන්න.

🐰හරි කියන්න.

🐯ඔයාගෙ හැගීම් ඔයා කිසි ගානක් නැතුව මගෙන් පිටකරද්දි ඔයා හිතුවද නිකමට මගෙ හැගීම් ගැන ආ ...හිතුවද තමුසෙ? මාත් මනුස්සයෙක් ජන්කුක් තමුසෙට වගේ මටත් තියෙන්නෙ හිතක් ඒකටත් ආදරේ දැනෙනවා.

නැවතුමක් නැතුව කදුලු ගලද්දි මූන දිගේ පහලට ගලන කදුලු අතෙන් පිහදාන ගමන් කතාකරන ටේහිය්‍යුන් දැක්කම ජන්කුක්ට තමන් ගැන ඇතිවුනේ ලොකු තරහක්.

🐰ටේහිය්‍යුන් මම..

🐯එපා මන් ගාවට එන්න එපා.

ළග තිබුනු ඇදුම් ටිකත් උස්සන් වොශ්රූම් එක ගාවට ගියපු ටේහිය්‍යුන් ආයෙම හැරිලා ජන්කුක් දිහා බැලුවෙ ඇස් වල කදුලු පුරවගෙන.

🐯මොනාවුනත් මන් ඔයාට ආදරේ කරා කූක්..ම්ම්ම් ගොඩක් ආදරේ කරා🙂.

ඒක ඇහුනා විතරයි ටේහිය්‍යුන් දිහා බලපු ජන්කුක් ටේහිය්‍යුන් ගාවට යන්න හැදුවත් ඊටකලින් වොශ්රූම් එකට ඇතුලට ගියපු ටේහිය්‍යුන් මහ හයියෙන් ඩෝ එකත් වහගත්තෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව ජන්කුක් රූම් එකේ තනි වෙද්දී .



























හායි ලොලිපොප්ස් 🌝♥️.

අප්ඩේට් පරක්කු වුනා ද👀? ඕතරිගෙ අත කැඩුන නිසා ටිකක් ලේට් වුනා🙂.

ඊලග පාට් එක ඉක්මනට දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.👀

මන් යනවා.

BYE
STAY SAFE.
LOVE YOU LOLLIPOPS 🌚♥️.



















BAD ROOMMATE 🙄🍭♥️

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now