PROPOSE 2 🙂

2K 332 33
                                    


යුන්ගිවත් තල්ලුකරගෙන ටේහිය්‍යුන් ඉන්න තැනට යන්න හදපු ජන්කුක් එකපාරටම නතර වුනේ ජන්කුක්ගෙ පිටිපස්සෙන් ආපු යුන්ගි දඩස් ගාලා ජන්කුක්ගෙ ඇගේ හැප්පිලා නතරවෙද්දි.

🐱ආයිශ් මොකද සුනඛයො එකපාරටම බ්‍රේක් ගැහුවෙ ?උබ නිසා මට අලුතෙන් නහයකුත් හොයන්න වෙනවා.

යුන්ගි කෑ ගහන ගමන් ජන්කුක් දිහා බැලුවත් එයා දැක්කෙ කිසිම රිඇක්ශන් එකක් නැතුව බලන් ඉන්න ජන්කුක්ව.

🐱ජන්කුකා...මොකක්ද වුනේ?
කතාකරහන් මොකක්ද වුනේ?

යුන්ගි කොච්චර කතා කරත් ගල් පිලිමයක් වගේ කිසිම දෙයක් ඇහුන් නැති විදිහට ජන්කුක් ගෙ සිහිය තිබ්බෙ ඉස්සරහ හිටපු කෙනෙක් දිහාවට කියලා තේරුම්ගත්ත යුන්ගි ජන්කුක් බලන් ඉන්නෙ කොහෙද කියලා බලන්න හැරෙද්දි දැක්කෙ.

ටේහිය්‍යුන් එක්ක කතා කර කර මින්හොව .මින්හො කියන්නෙ ජන්කුක් එක්ක නිතරම ඇටෑක් එකට එන එකෙක් කියලත් මූ මේ දගලන්නෙ ජන්කුක්ට රිද්දන්න කියලත් තේරුම්ගන්න යුන්ගිට වැඩි වෙලාවක් ගියේ නැහැ.කාටවත් නොකිව්වට ජන්කුක් ටේහිය්‍යුන්ට හිතින් ආදරේ කරනවා කියලා යුන්ගි දැනගත්තෙ ජන්කුක්ගෙ හදිසි වෙනස්වීම් එක්ක.

එකපාරටම ටේහිය්‍යුන් එක්ක කතා කර කර හිටපු මින්හො ටේහිය්‍යුන් ගාව දනගහන් රින් එකක් අතට ගත්තේ මේ හැමදෙයක් දිහාම මෙච්චර වෙලා බලන් හිටපු ජන්කුක්ගෙ ඉවසීමෙ සීමාව පනිද්දී.

මින්හොගෙ මූන සමතලා කරන්න හිතන් ජන්කුක් යන්න හැදුවත්,

🐱එපා ජන්කුකා .උබ ඔතන්ට ගියොත් රන්ඩුවක් වෙනවා අනිවාරෙන් ඒක උබට හොදත් නැහැ ටේහිය්‍යුන්ට හොදත් නැහැ අපි බලමු මූ මොකක්ද කරන්න හදන්නෙ කියලා.

වෙනදා වගේ කියන දේට දාහක් නොකියා යුන්ගි කියපු දේ අහන් හිටපු ජන්කුක් අතත් මිට මොලවගෙන නතර වුනේ ටේහිය්‍යුන් මොන වගේ රිඇක්ශන් එකක් මින්හොගෙ ප්‍රපෝස් එකට දෙයිද කියලා හිතේ තියෙන සැකෙත් එක්ක.

_____________________________♥️

ජන්කුක් අපාර්ට්මන්ට් එකෙන් ගිහින් පැය ගානක් යනකන් වොශ්රූම් එකට වෙලා බලාගත්ත අත බලාගෙන හිටපු ටේහිය්‍යුන් වොශ් එකක් දාගෙන අතට අහුවුන ටී එකකුයි ඩෙනිමකුයි ඇදන් වෙනදා වගේ මිරර් එක දිහා නොබලා යුනි එකට පයින්ම ගියේ අපාර්ට්මන්ට් එක ගාව ඉදන් යුනි එක ගාවට වැඩි දුරක් නැති නිසා.යන අතර ජන්කුක් ගැන මතකෙට එන වාරයක් ගානෙ අතේ තිබුන බිදුනු වීදුරු කෑල්ලකින් එකපාර ගානෙ තමන්වම තුවාල කරගත්තෙ ඒ තුවාලෙන් ගලන ලේ දැක්කම වියරු නිදහසක් හිතට දැනෙද්දී.

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now