𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 2

715 125 30
                                    

Taehyung P.O.V

" හදවතක් නැති රාක්ෂයෙක් "...

මාව දකින හැම හතුරෙක්ගෙම කටින් පිටවුන වචනයක් ඒක. එහෙනම් මේ ලබ් ඩබ් හඬ ඇහෙන්නෙ කොහෙන්ද? මම කුඩා අවදියේ ඉගෙන ගත්තේ ඒ හදවත ස්පන්දනය වෙන ශබ්දෙ කියලා. එහෙනම් හදවතක් නැහැ කියන්නේ? උන්ට ඔල්මාදෙ.

මම වහල් කඳවුරෙන් පිටවෙලා ආවේ මනුස්ස සොබාවය ගැන හිතමින්. රාජධානියෙත්, පර දේසයන් වලත්, හැමෝම අමනුස්සයෙය්ක් කියලා හංවඩු ගහනවා මට. ඒ නිසා මට දැන් හිතෙන්නෙ මම මනුස්සයෙක් නොවෙයි කියලා. මහ අමුතු හැඟීමක්.

"ඔබටත් මාව පෙනෙන්නෙ ඒ අයුරින්ද සර් බැම්?"

මම ඇහුවේ මගේ අශ්වයාගෙන්. සර් බැම් කියන්නෙ උසස් කුලයක තනි කලු පැහැති රාජවාංශික අශ්වයෙක්. ඔහු වේගවත් හා කඩවසම්. කාටවත් හීලෑකරගන්න බැරිව අශ්වගාලක හිර කර හුන් සර් බෑම් මට මෙල්ල වුනාම, රජතුමා පවා පුදුම වුනා. ඒ ගැන මට ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි.

 ඒ ගැන මට ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( සර් බැම් )

සර් බෑම් මා හට හිතවත් හා පක්ෂපාතීයි. මාව හතුරන්ගෙන් ආරක්ෂා කරනවා. නිතරම මම සර් බැම් සමග කුලුපගු වෙන්නත් අදහස් හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා. මොකද මට දැනෙන හැඟෙන දේවල් මම මිනිස්සු එක්ක බෙදාගන්න අකමැතියි. යුන්ගි එක්ක වුනත්.
.
.


.
.
.
මා නයිට්වරු සිව් දෙනා කැටුව රජතුමා මුණගැහෙන්න යන අතරවාරයේ වැටුනු බර කල්පනාව බිඳී ගියේ කාන්තාවකගේ විලාප හඬක් ඇසුනු නිසා. වහම මම සර් බෑම්වත්, නයිට්වරුත් හරවාගෙන ඒ දිහාවට ඇදුනා.

ගං ඉවුරක් අසබඩ කාන්තාවක් කෑ ගසන්නේ, පුංචි කොලු ගැටයෙක් දිහා බලාගෙන. කාත් කවුරුවත් වටපිටාවේ පෙනෙන්නට නැහැ. ඔහු ගිලෙනවා. වතුර පෙවි පෙවී ආයෙත් උඩ මතුවෙනවා. බැලූ බැල්මට අර කෑමොර දෙන කාන්තාව ගැබ්බරයි. ඒ ඇයගේ පුතා විය යුතුයි.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Where stories live. Discover now