𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 11

782 127 51
                                    

"සෙන්පතිතුමනි,
මා හට සමාවෙන්න...
මම හිතන්නෙ නැහැ මේ තරුණයාගේ ජීවිතේ බේරගන්න ලැබෙයි කියලා."

චාලී වෙදැදුරුතුමා උපැය් යුවල ගලවා නළලත් මිරිකගනිමින් සෙන්පති තුමාට කිව්වේ කණගාටුවෙන්. ටේහෙයොන්ග් ගෙ අතින් එකවරම ලේ තැවරුණු ඇඳ ඇතිරිල්ල අතෑරුනා. චාලි ට උත්තරයක් නොදුන් ඔහු නිෂ්ශබ්දවම නැගිට ගොස් යුන්ගී ලඟ නතර වුනා.

"ඔහුව වළදමන්න."

ජන්ග්කුක් මියයන්නත් පෙරාතුව සෙන්පතිතුමා යුන්ගිට අණ කලා. මේ ඔහුගේ සාමාන්‍ය ස්වභාවයයි. ජන්ග්කුක් ට ඔහු අනිත් අයට වඩා යම් තරමක් හෝ කාරුණික වුන නිසයි, වෙදමැදුර වනතෙක් ම ඔහු පසුපස ඇවිත්, උන්මත්තකයෙක් වගේ හැසිරුණේ. නැත්තන් ඔහුගේ අඩත්තේට්ටම් වලින් ආසාධ්‍ය වෙන ලිංගික වහලුන්, මියගියාදැයි ඔහු දන්නෙත් පසුදා නින්දෙන් අවදිවුනාට පසුවයි.

ඔහු සුන්දර නිසා වෙන්න ඇති...
ටේහෙයොන්ග් ගේ වෙනස නිසා කුතුහලයක් ඇති වුන යුන්ගී හිතුවා.
.
.
.
.
.

Taehyung P.O.V

පිල් විහිදන්න කිව්වා.
ඉතින් ඔහු විහිදුවා
නමුත් ඔහුගේ මොණර රැඟුමේ ඇරඹුමත් අවසානයත් මතකයක් විතරක් වුනා.

මට මහා අමුතු හිස් බවක් දැනෙනවා. හරියට එදා මන් තනිවුනා වගේම, අදත් මන් තනිවෙලා. මට තරහයි වගේම හිත කකියනවා.

නිදන කුටියට වැදුනු මම රාත්‍රියේ ඉතිරි වුන ශැම්පේන් බෝතලයෙන් වීදුරුවක් පුරවමින් තොලගෑවේ මොණරිගේ මූසල මතකය අමතක වෙන්නයි. නමුත් කුටිය පුරා එහාට මෙහාට ඇවිද යමින් ඉන්න අතරේ, කාලාන්තරයකට පසු මගේ ඇඟේ ඉන්න රාකෂයත් සමග හදවත විවාදයක පැටලෙන්න වුනා.

හදවත - ඔහු මැරුණට, ඇයි ඔබට තරහයන්නේ? ඇයි ඔයතරම් කැක්කුමක් දැනෙන්නෙ?

රාක්ෂයා - මම හිතන්නෙ ඔහුගෙන් ඇතිතරම් තෘප්තිමත් වෙන්න නොලැබුණ නිසා වෙන්නැති...තව ඔහු සුන්දර වැඩි නිසා වෙන්නත් පුලුවන්..

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Wo Geschichten leben. Entdecke jetzt