𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 20

814 101 41
                                    

ඉසබෙල්ගේ සිදුවීමෙන් සත් දිනක් පමණ ගත වුනා. සෙන්පති තුමා රාජාභිෂේක උත්සවය වෙනුවෙන් නම්ජුන් රජතුමාටත් වඩා ලක ලෑස්ති වුනේ නෝර්ඩියා රාජධානියේ අනාගතය ඔහුගේ පරම වගකීමක් සේ සැලකුව නිසයි.

සෙන්පති මන්දිර උද්‍යානයේ කෙළවරක කසු කුසුවක් ඇහුනු නිසා ජන්ග්කුක් ඒ දෙස විපරම් කරන්න වුනා.

මුලු අන්තප්පුරයම එතැන වටවී සිටින්නෙ මොකද?

දෙවැනි මහලේ කවුලුවකින් එබිකම් කර බැලූ ජන්ග්කුක්, ඇබැද්දියක් වත් වී ඇද්දැයි සිතා තරප්පු පේළිය දිගේ බැස කඩිමුඩියේ උද්‍යානයට දිව ගියා. ඔහු එහි යන විට දුටු දර්ශනයෙන් විමතියට පත් වූයෙන්, අසල ඕක් ගසකට හේත්තු වී නියපොත්තක් සපමින් බකන් විලන් උන්නා.

කාර්තුවකට වරක් තොරම්බල් හා සලු පිලි වෙලෙන්දෙක්, පරදේසයක සිට සෙන්පති මන්දිරයට ගොඩවැදුනේ, සෙන්පතිතුමාගේ අන්තප්පුර වාසීන් හට අවැසි කර මාල, වලලු, තෝඩු ආදී පලඳනාද රැගෙනයි. එකී තොරම්බල් කරුවන්ට ආරක්ෂක සෙබලුන්ගෙන් පවා බාධා මතු වුනේ නැහැ.

"අහම්බයෙන් අහු මුල්ලක නෙත ගැටුනත් ඔවුන්ගේ හැම අංගයක් ම මාගේ ඇසට ප්‍රිය වන්න ඕනෑ"
යන සෙන්පති තුමාගේ අණ නිසා, සොක්ජින් තුමා අන්තප්පුර වාසීන්ගේ සුන්දරත්වය වෙනුවෙන් මේ අයුරින් සොයා බලා කටයුතු කරන්නෙ ඉතා උනන්දුවෙන්.

"වෙලෙන්දා, මේ මුහුදු කොරල්පර වලින් නිමැවූ අත් පලඳනා බොහෝ අලංකාරයි. ඔබ ලඟ වෙනත් හැඩ තියෙනවාද?

අනේ මේ මුතු බැඳි කර මාල වල දීප්තිය...

රන් හුයෙන් ගොතා ඇති සේද සමට ඉතා සුමුදුයි, සනීපයි

මා හට ගෙජ්ජි බැඳි පා සලඹ යුගලක් දෙන්න...

මේ මැණික් පාෂන එබවූ මුදු වලින් දුසිමක් අවැසියි මා හට..."

අන්තප්පුර වාසීන් අසන ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන්නත්, මිලදී ගත් බඩු බාහිරාදිය සපයන්නත් තොරම්බල් කරුවාට හා ඔහුගේ අතවැසියන් දෙදෙනාට ඉස්පාසුවක් තිබුණේ නැහැ.

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Jul 10, 2023 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Donde viven las historias. Descúbrelo ahora