𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 18

663 108 52
                                    

"අශ්හ්... සමාවෙන්න තරුණයා. බලන්න ඔබේ හිස් පළඳනාවෙ මිදි පත්‍ර කිහියක් අවර්ණ වෙලා. මෙය නම් ඔබට කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ. මාගේ සේවකයන්ට නිරන්තරයෙන් ම හිමිවිය යුත්තේ හොඳම දේයි. දාසිය වහා මෙහි පැමිණෙනු."

ජන්ග්කුක් යොන්ජුන්ගේ හිසේ පැළඳූ මිදි වැල් ගෙතූ පළඳනාව ඔහුගේ හිස කෙස් සමග බිම ඇද දමා සපත්තුවෙන් පෑගූ සෙන්පති තුමා දාසියක් ඇමතුවේ මුහුණේ ඉරියව් වෙනස් නොකර ආඩම්බරකාර ලීලාවෙනුයි.

යොන්ජුන්ගේ ඇස් විශාල වී ඔහුව දියෙන් ගොඩ දැමූ මත්ස්‍යෙක් මෙන් වෙව්ලන්න ගත්තේ, අතීතයේ සෙන්පතිතුමා ඔහුට සැලකූ අමානුෂික නියාව සිහිගැන්වී, නලලත දා බිඳු කිහිපයක් තැවරෙද්දියි.

" අසන්න දාසිය, මේ තරුණයා මාගේ සේවකයෙක්. ඔහුට සරිලන පලඳනවක් සොයා, ඔහුගේ හිසේ පලඳවන්න. කිසිඳු අඩු පාඩුවක් නොකර මාගේ සේවකයන් ට හොඳින් සංග්‍රහ කරණු."

"ඔබේ අණ ඉටු වෙයි සෙන්පති තුමනි."

මාලිගයේ දාසිය යොන්ජුන්ව වෙනත් දෙසකට කැඳවාගෙන යද්දි, ජන්ග්කුක් ටේහෙයොන්ග් දෙස බලන් හිටියේ බියපත් වූ අඳුරු පෙනුමකින්. මොකද සෙන්පතිතුමාගේ රාක්ෂ ස්වභාවය ඔහු අන්කවරෙකුටවත් වඩා හැඳින උන්නා.

කෙලගුලියක් අපහසුවෙන් ගිලගත් ජන්ග්කුක් නියපොත්තක් සපාකමින් ඇදුනනේ සෙන්පතිතුමා අසලට.

"සෙන්පතිතුමනි කරුණාකරලා යොන්ජුන්ට හිරිහැරයක්...."

"මා සමග එනු."

තවත් වචනයක් හෝ දොඩවන්න යාම නැවැත්ත්වූ ටේහෙයොන්ග් ජන්ග්කුක් ට ඔහු සමග එන ලෙස අණ කරා. ජන්ග්කුක් හිතුවත් මිදි උද්‍යානයේ පාලු ඉසව්වකට ඔහුව කැඳවන් යයි කියා, මෙවර ඔහු වැරදියි. ඔහු ගියේ රාජකීය මණ්ඩපයේ සෙන්පති තුමා හා රජතුවා වෙනුවෙන් විශේෂයෙන් සකසා තුබූ මිදි වැල් හිස් පැලඳුම් බහාලු තැටියක් ලඟට.

"මින් එක් පළඳනාවක් තෝරාගන්න."

ජන්ග්කුක් ඔහුගේ අතකින් තද කරන් හුන් කලිසමේ කොණ අතහැර බියෙන් මෙන් එක හිස් පළඳනාවක් අතට ගත්තා. ඔවුන්ට නොදැනි වට පිටාවේ අයවලුන්ගේ ඇස් ඔවුන් ලඟ නතර වී තුබුනේ මේ සෙන්පතිතුමාගේ නුහුරු නෙයියාඩගම නිසයි.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Where stories live. Discover now