𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 1

938 124 17
                                    

Author P.O.V -

නෝර්ඩියා දේශය ස්වාධීන රාජ්‍යයක් වුවත්, එය යටත්විජිතයක් බවට පත්කරගෙන, බලය තහවුරු කරන්ට පරදේසක්කාර සේනා හතරදිබ්බාගයෙන් විත් ආක්‍රමණය කලත්, අවසානයේ උන්ගේ මලසිරුරක් තබා ඇටසැඅකිල්ලක් වත් බලලෝභී හතුරන්ට සොයාගැනීමට නොහැකි වුනා. අධිරාජ්‍යක් මෙතරම් නිර්භීත වගේම බලවත් වෙන්න නිසැකයෙන්ම ශ්‍රේෂ්ට පාලකයෙක් සිටිය යුතුයි. ගහක අතු ඉති හයිය වෙන්න නම් ගහේ මුල ශක්තිමත් විය යුතුයි. නමුත් නෝර්ඩියා කියන දැවැන්ත ශාකයේ මුදුන් මුල සැබවින්ම රජුද?

නෝර්ඩියා අධිරාජ්‍යයේ ප්‍රතාපවත් රජතුමෙක් සිටියා. ඔහු නමින් "නම්ජුන් අධිරාජ්‍යයායි". නමුත් මේ දේශයේ වැසියන් රජතුමාට වඩා ගෞරවය, ආදරය දක්වපු අයෙක් හිටියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔහුගේ ගෙරවීම සිංහයෙක් වැනියි. රත්පැහැ තියුණු ඇස් ගිනිගහන ලෝදිය උදුනක් බඳුයි. ඔහු කාටවත් හිස නවන්නෙ නැහැ. අඩුමතරමින් නම්ජුන් රජතුමාටවත්. ඔහුට තමන්ගේ ජීවිතය ගැන තඹ දොයිතුවක තැකීමක් නැහැ. නමුත් අයෙක් තම දේශයට වින කැටුවොත්, එදාට ඒ හිවලුන් දැනනීවි මිහිපිට අමනුස්ස යමපල්ලෙකුගේ රුදු ස්වාභාවය.
.
.
.

"උඹව මේ බලකොටුවෙ ඔත්තු බලන්න එවපු එකා කවුද කියපන්?"

"..........."

ඔහු නිහඬයි.

"උඹෙන් මම ප්‍රශ්නයක් ඇහුවේ. උත්තර දීපන් පර බල්ලා"

"උඹලා මාව මරලා දාපන් යකුනේ. හැබැයි තොපිට මගෙන් කිසිදෙයක් දැනගන්න වෙන්නෙ නැහැ."

ඔවුන් සිටියේ මුහුදුබඩ කඳවුරකයි. කස පාරවල් හැත්තැ නවයක් විඳ ඇති ඔත්තුකරුවා වැලි පොලවේ දණගස්වලා තිබුනත් ඔහුට කෙලින් ඉන්නවත් පණක් තිබුණේ නැහැ. කසපාර දහයෙන් දහයට ඔහුගෙන් මේ අයුරින් ප්‍රශ්න කරන්නේ කුපිත වුන රාජකීය හමුදා සෙබලෙක්. පසුව ඔහුගේ උත්සහය අසාර්තක වුනු නිසා, නොයෙක් වර්ගයේ කස රඳවන පුවරුව වෙත ගොස් හෝදිසි කර බලා, අතට අසු කර ගත්තේ කටු කම්බි කසයයි. එම කසේ පුවරුවෙන් ඉවතට ගෙන ආ හමුදා සෙබලා, ඔත්තුකරුවා ගේ පිට ප්‍රදේශයට කසයෙන් නව වතාවක් වැරෙන් පහරක් එල්ල කර, කටු කම්බි හා කොකු පිට පසාරු කරගෙන යද්දි, එසැනින් ඇදලා ගත්තෙ මස් වැදලි සහ ලේ අහල පහල සිටින සෙබලුන්ගේද ඇඟවල් වල තැවරෙද්දියි.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Dove le storie prendono vita. Scoprilo ora