Chapter 19

598 96 44
                                    

"කුදලන් වරෙන් මොණරිව. තව අ..අර වේසියවත්."

යුන්ගි හිස නවා ආචාර කර පිටත්වුනේ කෝපාවිෂ්ට වී, වචන පවා ගොතගැසෙන සෙන්පති තුමා අසලින්. යුන්ගි තමා විහින් ම ඔහුට ඉසබෙල් ගේ හා ජන්ග්කුක් ගේ ජවනිකාව ඇහැ ගැටෙන්ට සැලැසුවා.

බාහිරෙන් නොපෙනුනත්, ටේහෙයොන්ග් ගේ ඇඟ ඇතුලෙන් ඔහු පිච්චෙනවා. වරින් වර නැවතෙන නමුත් නාස් පුඩු වලින් ඉහලට අදින හුස්ම සහ වටපිටාව බොඳ වී අපහැදිලි වෙනවා. ඔහු වෙවුලනවා. රාජකීය මිදි උයනේ වැයෙන සංගීත රාවයවත් ඇහෙන්න නැති තරම්, කන් අගුලු වැටිලා. සෙන්පති තුමා දුටු දසුන ඔහුට කායික මෙන්ම මානසික පීඩාවක් ගෙන දෙන්නක්. හුදෙක්ම ඒ පීඩාව දරාගත නොහැකි වේදනාවක්. ඒකත්  ඔහුගේ සෙන්පති නම්බුව නිසා, සමහර විට ප්‍රියතම අන්තප්පුර සේවකයන්ගෙන් කෙනෙක් නිසා... නමුත් ඒ නිසා විතරමද?

අනේ රිදෙනවා මව්නි...

සෙන්පතිතුමා ඔහුගේ පපුව අතගා ගත්තේ හිස් අහස දිහා බලන ගමන්. ඔහු අපහසුවෙන් මිදි වැල් කණු අල්ල අල්ලා ගොස් හුදකලා අසුනක වාඩි වී හොඳහැටි මත්පැන් තොලගෑවා. ඒ අතරතුර  අශ්ව කරත්තයේ කවුලුවෙන් හිස කඩාවැටී අවසිහියෙන් සෙන්පති මන්දිරය කරා ගෙනයන ජන්ග්කුක් ව නොපෙනී යනකන් ඔහු ඇහිපිය නොහෙලා බලන් හිටියා.

______________________________________

සෙන්පතිතුමාට කෙනෙක් රිදෙව්වොත්, ඒ වේදනාව ඇති කල තැනැත්තාගෙන් නැත්නම් අයවලුන්ගෙන් තරහ පිරිමහන්න ඔහු හුරු වෙලා තිබුණා. ඒ නිසයි ජන්ග්කුක් ව හා ඉසබෙල්ව විස්ටේරියා ගස අසබඩ බිම් මහලේ ඇති වදකාරයට ගෙනැවිත් සිරකර දැමුවේ.

දම් පැහැ ගත් විස්ටේරියා මල් වැටුනු තණ බිමේ සුන්දරත්වය කියා නිම කරන්න බැහැ. නමුත් එහි පොළව අභ්‍යන්තරයේ මිනිස් වදකාගාරයක් ඇති බව හිතන්නේ කවුද? එයත් නිකන් සෙන්පතිතුමාගේ ජීවිතේ වගේ කිව්වොත් කවුරුන් නම් විශ්වාස කරයිද? ජන්ග්කුක් හා කයිරු කොතරම් ඔත්තු බැලුවත් ඔවුන්ටවත් මේ බිම් මහලේ වදකාරය ගැන හෝඩුවාවක් වත් සම්බවුනෙ නැහැ.

වදකාරයේ බිම තැනින් තැන ලේ කුණු වුණ අඳුරු මුල්ලක ඉසබෙල්ගේ දෑස් හා දෑත් දෙපා බැඳ තිබුණත්, ජන්ග්කුක් ව ඊට අඩි දහයක් පමණ දුරින් කලාලයක් මත වැතිරවා තිබුණා. ටේහෙයොන්ග් ගේ අණ අනුව, වදකාගාර වධකයින් පිටත්ව ගිය තැන, යුන්ගී හා ඔහු පමණක් අඳුරු වදකාරයේ ඉතිරිවෙද්දි යුන්ගී ගොස් ඉසබෙල්ට වතුර බාල්දියක් ගසා සිහි එළඹවා ගත්තා.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Wo Geschichten leben. Entdecke jetzt