𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 16

785 120 79
                                    

යුන්ගී පිටත් ව ගිය පසු ජිමින් හා ජන්ග්කුක් ශාලාවේ තනි වුනේ දැඩි නිහඬතාවක් මැදයි. නර්තනාචාර්ය ජිමින් කඩි කුලප්පුව සෑදුනු අයෙක් මෙන් මේ අත පැන පැන කුමක් හෝ හොයමින් හිටියා.

"කෝ මේ සංගීත පෙට්ටිය? මා කොහේ තිබ්බද මතකයක් නැහැ."

ජිමින් තනියම දොඩව දොඩවා ඉන්න අතරේ ජන්ග්කුක් හඬ අවදි කරන්න හිතුවා.

"ඔබ නැතිවූ යමක් සොයනවාද? ඔබට මගෙන් උදව්වක් අවශ්‍යද?"

"නැහැ තරුණයා අවශ්‍ය නැහැ. මා මගේ සංගීත පෙට්ටිය හොයන්නෙ. එය මැණික් එබවූ යකඩ පෙට්ටියක්. සෙන්පති තුමා තමා මේ හැමදේටම වගකියන්න ඕනෑ."

"ඇයි සෙන්පතිතුමා? මට වැටහුනෙ නැහැ..."

ජන්ග්කුක් ඇහුවේ ඇහිබැම වකුටු කරගෙන හිසත් ඇල කරගෙනයි.

"වටහාගන්න යන්නත් එපා. මොකද මෙතුවක් කල් ඔහුව වටහගන්න සමතෙක් මේ රාජධානියෙ හිඳ නැහැ. දන්නවාද මා ඔබ නිසා ගොඩක් කරදර වුනා. ඔබට නැටුම් ඉගැන්වීම මා හට අපහසු කාර්‍යයක් නෙවෙයි. නමුත් රාජකීය සංගීත කණ්ඩායම ඔබ ඉදිරියට ගෙන එන්න අවසර නැහැ. ඔබ යුවතියක් සේ වෙස්වලාගෙන පුහුණුවීම් කලත්, සෙන්පති තුමා කැමති නැහැ ඔබ උත්සවයට පෙරාතුව රාජකීය සංගීත කණ්ඩායමේ ගායකයන්ගෙ වාදකයන්ගෙ ඇහැ ගැටෙනවට. හහ්ම්...."

ජිමින් බර හුස්මක් පහත හෙලුවා.

"සමාවෙන්න ඔහු වෙනුවෙන්. ඔහුගේ අණ නිසා මා අසරණ වූ වාර අනන්තයි. දැන් ඔබත්.... ඉතින් විසඳුමක් තිබේද?"

"තිබෙනවා. මාගේ සංගීත පෙට්ටිය. එහි තනුවට අනුව මා රාජකීය සංගීත කණ්ඩායමට පැවසුවා ගීයක් නිර්මාණයක් කරන්න කියලා. ඒ නිසා මට පුලුවන් සංගීත පෙට්ටියේ වාදනය වන සංගීතයේ තනුවට අනුව ඔබට නැටුම් උගන්වන්න."

ජිමින් ජන්ග්කුක් ට පිටුපා තවමත් සංගීත පෙට්ටිය සොයන අතරේ කියවන් ගියා.

"මෙයද ඔබ හොයන්නේ?"

ජන්ග්කුක්ගේ හඬට පසුපස හැරුණු ජිමින්ට දැකගත හැකිවුනේ යුන්ගි විසින් කලකට ඉහතදී ඔහුට තෑගි කල සංගීත පෙට්ටියයි. එය යකඩ ලෝහයකින් වෛවර්ණ තරු රටා කැටයම් කළ මැණික් ඔබවා නිමවා ඇති අතර, යතුරු මිටේ සවි කල අඳුරු දේවදූතයා වයින් කර අතහැරීමෙන් අලංකාර සංගීතයක් වාදනය වෙනවා. සංගීතයට අනුව දේවදූතයාගේද තටු විහිදී තාලයට කැරකෙනවා.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ