𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 7

679 119 19
                                    

Author P.O.V

රැහැයියන්ගේ කරච්චලය මැද වැහි කෝඩය පහව ගිහින් තිබුණා. රාත්‍රී හතේ කණිසම වැදුනු පසුවත්, ටේහෙයොන්ග් සෙන්පති තුමා තවම මන්දිරයට නොපැමිණි නිසා නයිට්වර යුන්ගී දැඩිසේ කලබල වුනා.

"සූබින්, ඔබට සෙන්පතිතුමා ගේ ප්‍රමාදයේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද? වෙනදට මෙතරම් වෙලාවක් ඔහු පුහුණුවීම් කරන්නෙ නැහැ."

"ඇත්ත. ඔහු තවමත් මන්දිරයට ඇවිත් නැහැ. නමුත් පුහුණුවීම් කරන ඉසව්වට ඔහුව සොයා යන්න, අපට තහනම් බව ඔබට අමතක වුනාද?"

"අනේ ඔහුම හදාගත්ත මරුමුස් නීති, වැඩිම වුනොත් ඔහුගේ අසිපතෙන්ම මගේ හිස ගසාදායි. නමුත් ඔහුගේ ආරක්ෂාව මගේ වගකීමක් නිසා මම ඔහු වෙත යන්න තීරණය කලා. මම තනියම යන්නම්. ඔබලා එන්න එපා."

සූබින් ට දන්වා, ටේහෙයොන්ග් උතුමාණන්ව සොයන්න පන්දම් එලියක් රැගෙන ගිය යුන්ගී, වැහි වතුරින් පෙඟුණු තණකොල බිස්සේ හෙමින් අඩි තබා ගියේ විෂගෝර සර්පයන් දශ්ට කරාවි යැයි බියකින්.

රූස්ස විස්ටේරියා ගහේ මල් පෙතිත්, සැඩ සුළං හමපු නිසා මුලු කලුගල් කණු බිම් තැන්නම වසාගෙන තිබුණා. ටික දුරක් ගමන් කරනකොට යුන්ගිට ටේහෙයොන්ග් ගේ අසිපත හමුවුණා. ඔහු එය අතට ගත් විගස හෝදිසි කලේ එහි ලේ තැවරී ඇද්ද යන්නයි.

"සෙන්පතිතුමා කවදාවත් ඔහුගේ අසිපත මෙසේ තැන් තැන් වල අමතක කර යන කෙනෙක් නෙවෙයි. මොකක් හරි නපුරක් වෙලා තියෙනවා "

යුන්ගී අසිපතත් අහුලාගෙන තව දුරක් ගමන් කරද්දි, දිරාපු ලී කොටයක් වැනි යමක් කකුල පැටලිලා වැටෙන්න ගිය නිසා ඔහු බිම්ට පන්දම කිට්ටු කර බැලුවා.

ඔහු දැක්කෙ හැලහොල්මනක් නැතිව මුණින් තලා වැටිලා ඉන්න ටේහෙයොන්ග් සෙන්පති තුමාව.

"දෙයියන්ටම ඔප්පු වෙච්වාවෙ, උතුමාණෙනි ඔබ..."

යුන්ගී ටේහෙයොන්ග් අසල දණගසාගෙන ඔහුව උඩුබැලි අතට හැරෙව්වා. හෝරා තුනකට අදික කාලයක් වැස්සේ තෙමුණු ඔහුගේ සිරුර සුදුමැලිව සිහිසුන් වෙලා තිබුනා. යුන්ගී ටේහෙයොන්ග් ගේ සීතල කම්මුල් මත කිහිපවරක් අතින් තට්‍ටු කලත් ඔහුගේ සිහිය එන පාටක් නම් පෙනුනෙ නැහැ. තවත් කාලය කා දැමීම තේරුමක් නැති බව වටහාගත් ඔහු, ටේහෙයොන්ග් තුමාවත් උස්සගෙන කඩිමුඩියේ වෙදතුමා හමුවෙන්න යන්නට වුනා.
.
.
.
.
.
ජන්ග්කුක් ඇඳසිටි සේද ගවුම වගේම දිගු සලුවත් කාන්තා අන්තප්පුරයෙන් සොරාගත් එකක්. වැස්සට හසුවී, මඩ තැවරී ගවුම දැනටමත් විනාශවෙලා තිබූ නිසා ඔහුට එය පුලුස්සා දමනවා හැර වෙන විකල්පයක් තිබුනෙ නැහැ.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Where stories live. Discover now