𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 17

796 109 57
                                    

ගතවුනු රැයේ හමා ආ කෝඩය පහවී, අවශේෂ වුන තුෂර පිනි බිඳු පවා අතුරුදහන් කරමින් හිරු නැග ආවා.

තවමත් සුවසේ නිදා හුන් ජන්ග්කුක්, ටේහෙයොන්ග් හේ හැඩිදැඩි බාහුවක හිස හොවාගෙන, ඔහුගේ උණුහුම් පපුතුරේ පොරෝනයත් පොරවන් ගුලිවෙලා හිටියේ ලෝම පුම්බාගත් හා පැටවෙක් වගේ.

ටේහෙයොන්ග් ගේ බාහුව නොවෙනස් ඉරියව්ව්ක තබා හුන් නිසා දැන් ඔහුගේ බාහුව හිරිවැටී තිබුණේ, හොලවාගන්නවත් නොහැකි අන්දමින්. ඒ නිසාම බර වූ ඇහි පිහාටු සෙමින් විවර කර ඔහු තමාගේ අත දෙස බැලුවේ අනෙක් අතෙන් නිදි ගැට කඩමින්.

"මොණරි.... නුඹ?"

විශාල වූ දෑසින් යුතුව සෙන්පති තුමා බලන් හිටියේ ඔහුගේ එහා පස වැතිරී හුන් ජන්ග්කුක් දිහා. පෙරදා රැයේ ඔහු නැටූ නාඩගම ගැන හාන්කවිස්සක්වත් මතක නැති අයෙකු මෙන් ඔහු තමාගේ හිසකෙස් අතෙන් ඇදගත්තේ, බීමතින් නැවතත් තම මොණරිට නැවත බලහත්කාරකමක් වත් කලාදැයි අවිශ්වාසයෙන්. ඒ නිසාමයි බියෙන් බියෙන් ඔහු පොරෝනය යන්තන් ඔසවා බැලුවේ.

මොහොතක් නිසොල්මන්ව ජන්ග්කුක් දෙස විපරම් කල ටේහෙයොන්ග්, තවමත් ඔහුගේ කලිසම ඇඟ ඉතිරිවී තිබෙනවා දැක සැනසුම් සුසුමක් පහත හෙලුවා.

මා හිත් වේදනාවෙන් හිඳි නිසා, යුන්ගී මොහුව ඊයේ රාත්‍රියේ මගේ කුටියට එවන්න ඇති. පසුව මා නිදි නිසා මොහුත් මා අසලින් හාන්සි වෙන්න ඇති.

සෙන්පතිතුමා හිතුවා.

"මගේ වස්තුව, නැගිටින්න... මා හට සටන් පුහුණු වෙන්න යන්න තියෙනවා."

නිදා හුන් ජන්ග්කුක් ගේ දිගු නාසය දිගේ දබරැඟිල්ලේ පිට පැත්තෙන් සිහින්ව අතගෑ ටේහෙයොන්ග්, ඔහුගේ කණට කර කෙඳිරුවා. සෙන්පතිතුමා ජන්ග්කුක්ගේ කන්පෙති වලට බොහෝ ඇලුම් කලා. ඒවා මෘදුයි. නැවෙන දිගැහැරෙන වාරයක් පාසා රත් පැහැගැන්වෙන්නෙ හරි අපූරුවට. පුංචි හාදුවක් කන්පෙත්තක තැවරූ සෙන්පතිතුමා, ජන්ග්කුක් ගේ කන පැලඳි රවුම් කරාබුවක් අස්සෙන් ඇඟිල්ලක් යවා සෙල්ලම් කලේ පොඩි එකෙකු මෙන්. අනතුරුව මොණරිගේ කන් සිදුරට තම ඇඟිල්ල අතුලු කර ටේහෙයොන්ග් බලන් හුන්නේ ජන්ග්කුක් හීනෙන් මෙන් කිතිකැවී යන දසුන.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Donde viven las historias. Descúbrelo ahora