𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 12

812 129 93
                                    

හැන්දෑවට පෙරාතුව

පාන්දර යාමෙන් පස්සෙ සෙන්පති තුමාව නැවත නොදැක්ක නිසා යුන්ගී ඔහුගේ නිදන කුටියට ඔහුව සොයා ගියා. දොර අගුලු ඇරගෙන ඇතුල් වෙද්දිම ඔහුට බිම පෙරලී ආ වයින් බෝතලයක් 'ක්රිස්' හඬින් පෑගුණා. රතු රෝස මල් පෙති කඩා දාලා. මුලු කුටියෙම මත්පැන් දුගද හැමුවා. ඉටි පන්දම් රඳවන වල ඉටි දියවී වැක්කෙරිලා තිබුණා. නමුත් කුටියේ හැමතැනටම ඇස් යැව්වත් ඔහුට සෙන්පතිතුමාව හමුවුනේ නැහැ.

"සෙන්පති තුමා...සෙන්පති තුමා...කොහෙද ඔබ? මට ඔබට වැදගත් ආරංචියක් පවසන්න තියෙනවා.
සෙන්පති තුමා..."

යුන්ගි නොනවත්වා ටේහෙයොන්ග් ව ඇමතුවා.

නමුත් හුම් ශබ්දයක්වත් නැති නිසා, නාන කාමරයට එබිකම් කරද්දි ඔහු දුටුවේ, නිරුවතින් නාන බේසමේ බැස, බලාගත්තු අත බලා හිඳින සෙන්පති තුමයි. බැලූ බැල්මට ඔහුගේ තොල්පට වෙව්ලමින්, ගතම සුදුමැලි වී ගොස් තිබුණා.

"සෙන්පති තුමනි, ඔබ හොඳින්ද?"

නාන බේසම ලඟට ගොස් නැමුනු යුන්ගී ඇසුවා.

"මොණරි මැරුණද යුන්ගී? මම ඔහුට වෙනම හිස් බිමක් වෙන් කරා. එහි සුදු තිරිවාණ ගලින් සොහොන් කොතක් බැඳ ඔහුව වලදමන්න. පසුව ඒ බිමේ සුන්දර මල් වවන්න."

යුන්ගි දිහාවත් නොබලා ටේහෙයොන්ග් උත්තර දුන්නා.

"උතුමාණෙනි ඒ තරුණයා..."

"මියයද්දි වේදනා වින්දද? මට ඔහු ගැන තවත් දැනගන්න වුවමනාවක් නැහැ. කරුණාකරල ඔබ මෙතනින් යන්න."

කාගේ වුවත් හිත් කොණක එක්තරා විශේෂ අයකුගේ මතක හුස්ම ගන්නවා. රාක්ෂයෙක් වුනත් එහි වෙනසක් නෑ. එකම එක විශේෂ රූපයක්, ආයෙත් දකින්න ඇත්නම් කියා හිතුන ඇස් දෙකක්, අහන් ඉන්න හිතෙන කන්කලු හඬක්, දෑස් වසා විඳින්න ආස උණුහුමක්, එසේ ටේහෙයොන්ග් ගේ හිතුවිලිත් ආක්‍රමණය කර තිබුනා.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Donde viven las historias. Descúbrelo ahora