𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 13

696 121 97
                                    

සතියක් ගතවුන තැන

කාලය ගෙවී ගියේ හීයක වේගයෙනි. ටේහෙයොන්ග්, නෝර්ඩියා දේශයේ මුහුදු සීමාවේ හතුරු නැව් මංකොල්ලයට හමුදා සෙබලුන් රැගෙන ගිය නිසා, ඔහු සතියක් මන්දිරයේ සිටියේ නැහැ. එය ජන්ග්කුක් ගේ මෙන්ම අනෙක් අන්තප්පුර සේවකයන්ගේ හිතට මෙන්ම ගතටත් අස්වැසිල්ලක් වුනා. ඒ අතරෙ දුගියන්ට දාන දෙන දිනය පැමිණි නිසා, සෙන්පති තුමාගේ මන්දිරයේ අන්තප්පුර පුරුෂයො දෙන්නෙක් කරත්ත වලට බඩු පටවමින් හිටියා.

"සෙන්පතිතුමා මන්දිරයේවත් නැතුව, යුන්ගි තුමා සමගද අප ගම්මානයට යන්නෙ? "

"පහුගිය රෑ ජාමේ ජල බඳුනක් පුරවන්න යනවිට මට ඇහුනා ඔහුගේ අශ්වයාගේ කුර හඬ. මම හිතන්නෙ ඔහු මන්දිරයට ආවා."

"ඔබ ඔහුගේ අශ්වයාගේ කුර හඬත් හොඳින් අඳුනනවා වගේ..."

අන්තප්පුර පුරුෂයන් දෙන්නෙක් අතර ඇතිවන කතාවක් අතර තුර, එක් අයෙක් ඇහුවේ අනෙක් කෙනාගේ උරපත්තේ නෝක්කාඩුවෙන් මෙන් හැප්පෙමින්.

"ඔහුගේ අශ්වයාගේ පමණක් නෙවෙයි, මා ඔහුගේ අඩි ශබ්දෙත් හොඳින් අඳුනනවා."

ඔහු කිව්වේ ඇසක් ගසමින්මයි. ඔහු ස්වභාවයෙන්ම සමලිංගිකයෙක් වුන නිසා ඔහු හිටියේ සෙන්පතිතුමාට වහවැටිලයි.

"නුඹලගේ කියවිල්ල නවත්තලා වැඩේ අහවර කරන්න. ඉර නගින්න කලින් අපි මන්දිරයෙන් පිටත්වෙන්න ඕනි."

දෑතත් පිටුපසට බැඳගෙන උස් හඬකින් යුන්ගී ඔවුන්ට ගිගුරුවා.

මේ වනවිට ජන්ග්කුක් ගේ යටිකයේ තුවාලය වේලී, මැහුම් ගැට කපා ඉවත් කර තිබුනේ, චාලි වෙදැදුරාගේ විශ්වකර්ම වෙදකම නිසාමයි.

සෙන්පති මන්දිරයට ගව්ගානක් දුරින් පිහිටා තිබූ කුඹල් කර්මාන්තයෙන් බඩ වියත රැකගන්න, කුඩා ගම්මානයක් මෙවර ටේහෙයොන්ග් ඔහුගේ දාන දීම වෙනුවෙන් තෝරාගෙන තිබුනේ, එහි රහසේම වීදි සංචාරය කිරීමෙන් අනතුරුවයි. දුගී ගම්වැසියන් හට බෙදාදීම සඳහා හතුරන්ගෙන් කොල්ලකෑ රත්‍රන්, කාසි, ඇදුම් කැඩුම්, ආභරණ වගේම හුණුගල්, පාටකූරු, ගල්ලෑලි, තීන්ත කුප්පි,කඩදහි ද අශ්ව කරත්තයක් පුරවා තිබුණා.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Où les histoires vivent. Découvrez maintenant