𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 9

743 121 39
                                    

ජීවිතේ ආගන්තුක සුසුමක් අග්ගිස්සක ටේහෙයොන්ග් සැනසීම හොයමින් හිටියා. ඔහුගේ මොණරීගේ මතකය කිණිස්සක් මෙන් පපුවට ඇනෙමින් කිඳා බැස්සා.

වෙනදා පුරුද්දට අදත් ඔහු වයින් සමග ලිංගික උත්තේජන කලවම් කරන්න වුනේ මාත්‍රාව දෙගුණයකින් වැඩිකරමින්. ජංග්කුක් සහ හේසල් සෙන්පති තුමාගේ නිදන කුටියේ දොර ලඟට වෙලා හිටගෙන හිටියා. නයිට්වර යුන්ගී පැමිණ ඔවුන් දෙදෙනාව පරික්ෂා කර මාර දොරටුවේ අගුලු හැර දුන්නා.

"ඔබේ නිතඹ... ආහ් අනර්ගයි සුන්දරිය, එනු මා සමග, මම ඔබට ස්වර්ගය පෙන්වන්නම්..."

හේසල් හා ජන්ග්කුක් කුටියට ගියත්, ටේහෙයොන්ග් ජන්ග්කුක් දෙස බලන්නවත් මහන්සි වුනේ නැහැ. ඔහු තද කොළ පැහැ අක්ෂි කාච පැලඳ, සුදු සේද කමිසකින් හා කලු ලිනන් කලිසමකින් සැරසිලා හිටියා. ඇත්තෙන්ම ජන්ග්කුක්, රතු කොණ්ඩකාරිට වඩා ආකර්ෂණය වුනා.

ජන්ග්කුක් කුටියේ දොරටුව ලඟ ඔහේ බලන් හිටියා. මොහොතකින් තරුණියව ඇඳට පෙරලාගත් ටේහෙයොන්ග් ඇගේ දුහුල් ගවුමේ පටි එකිනෙක ලිහිල් කලේ ඇගේ රතු හිසකෙස් අතර ඇඟිලි යවමිනි. ටේහෙයොන්ග් ගේ රලු ස්පර්ශය නිසා තරුණිය කෙඳිරිගාන හඬ වැඩිවෙද්දි, ජන්ග්කුක්ට ඒ දර්ශනය නැරඹීමට පවා අපහසු වුනා.

"අශීලාචාර වහලා... මෙතැන බහිරව පූජාවක් කරනවා කියලා හිතුවද?"

තරුණියගේ ඇඟ උඩ නැගගත් ටේහෙයොන්ග්, ජන්ග්කුක් ට බැන වැදුනා.

"ස..සමාවෙන්න සෙන්පතිතුමනි, මා... මේ ඔබ මට රාජකාරියක් පවරනකන් නිහඬව බලන් හිටියේ, ඔබට බාධා කරන්න බැරි නිසා."

"අහ් එසේද? මැයගේ සුන්දරත්වය නිසා මට ඔබ වැනි අවලස්සන දර හැවක් මෙහි ආවද කියලවත් වගක් නැති වුනා. මගේ හැඟීම් කා දමන්නෙ නැතුව, ඔබ ගොස් භෝජනාගරයෙන් මා හට සුළු අතුරුපසක් සකසාගෙන එනු. මට කුසගින්නක් දැනෙනවා. මුලුතැන්ගෙට යන්න වුවමනා නැහැ. අවශ්‍ය හැම දේම එහි අඩුවක් නැහැ. නමුත් අඩහෝරාවක් විතරයි ඔබට ලැබෙන්නෙ..."

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Donde viven las historias. Descúbrelo ahora