𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 5

717 118 23
                                    

Jungkook P.O.V

මන්දිර උද්‍යානයේ ගිරවුන්ගේ කීචී බීචි නාදයත් එක්ක අවදිවුන මම, කාටත් කලින් නානකාමරයට වැදුනේ සෝදා පිරිසිදු වෙන්නයි. නාන බේසම් පුරවපු නාන කාමර හැරුනම, ලෝහ වතුර මල් කරාම සහිත නානකාමරත් සෙන්පති තුමාගේ මන්දිරයේ තිබුන නිසා, මා වැනි ලැජ්ජාශීලී තරුණයින්ට ඒක අස්වැසිල්ලක් වුනා.

ටේහෙයොන්ග් උතුමාණන්ව සතුටු කරන්න යන මොහොතවල් වල විතරයි අපව අතවැසි සේවකයන් විසින් පිරිසිදු කරන්නෙ. ඇති යන්තම්. මේ මන්දිරයේ සමහර සේවකයින් මහ වල් හිත් ඇත්තො. උන්ගෙන් බේරුමක් ඇත්තෙම නැහැ. ඇඟ අතුල්ලද්දි පපු තුඩු හෙම වැරදීමෙන් වගේ මිරිකනවා. අනවශ්‍ය තැන් වල ඇඟිලි ඔබනවා. උඹලට වන්දි ගෙවන්න වෙන දවසක් එයි, එතකන් ඉවසගෙන හිටහල්ලා.
.
.
.
.
.

Author P.O.V

සෝදා අවසන් වුන ජන්ග්කුක් ඔහුගේ නිදන කුටියේ කවුලු හැර, තිර රෙදි පසකට කර ගැටගසා දමා, ඉර එළිය එක්ක ලැබෙන නැවුම් වාතය නාස් පුඩු වලට ඇදගත්තා. අනතුරුව අන්තප්පුරයේ මුලුතැන්ගෙට ගිය ඔහු කුරුඳු මිශ්‍ර තේ පානයක් සාදාගත්තා. පෙරදා රාත්‍රිය ගැන විස්තර අසා දැනගැනීමේ අපේක්ෂාවෙන් පසු වුන ජන්ග්කුක්, යොන්ජුන්ගේ නිදන කුටියට ඇදුනත් එහි කිසිවෙක් නැති බව දැක්කා.

ඇයි මොහු පරක්කු? සොක්ජින් තුමානම් කිව්වෙ පාන්දර යාමයේම ඔවුන්ව සෙන්පති තුමාගේ කුටියෙන් පිටමන් කරනවා කියලානෙ. යොන්ජුන් එක්ක ගිය යුවතියන් වත් ඇවිත්ද දන්නැහැ. හෝදිසි කරලා බලන්න ඕනි.

ජන්ග්කුක් හිතුවා.

කුරුඳු තේ කෝප්පය තොල ගාමින් ම ඔහු අන්තප්පුර දොරටුව අසලටම ඇවිදන් ආ ඔහු ඈතින් යොන්ජුන්ගේ රුවට සමාන අයෙක් දැක හිඳි තැනම නතර වුනා.

නමුත්.... ඔහු එන්නෙ තනියම නොවෙයි. මුර සෙබලුන් දෙදෙනෙක් ඔවුන්ගේ කර මතින් යොන්ජුන්ගේ දෑත් යවා, ඔහුව වත්තම් කරගෙන එනවා.

ජන්ග්කුක් ට තනිවම හිනා ගියා. ඔහුගේ හිතේ වැඩකරේ කුපාඩි අදහසක්.

ඇවිදින්නවත් බැරි වන තරම්, සෙන්පති තුමාගේ පොඩි රාක්ෂයාගේ වැඩ හුඟක් දරුණුයි වගේ.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Donde viven las historias. Descúbrelo ahora