𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 15

825 133 123
                                    

ඉර හැංගිමුත්තම් කරමින් හැන්දෑව උදා වෙන්න ගත්තා. මේ සෙන්පති තුමා එලිමහනේ අසිපත් හරඹ පුහුණු වන හෝරාව නිසා ජන්ග්කුක්ගේ මීලඟ මාර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හොඳම මොහොත බව ඔහු හිතුවා. ඒ නිසා සොක්ජින් තුමාගේ ඇස් වලට වහන් වෙලා ටේහෙයොන්ග් පුහුණුවීම් කරන ඉසව්වට රහසින් අඩි තබන්න තීරණය කලා.

සෙන්පතියා සමග වේදනාවෙන් ගෙවපු රැය හරියට මායාවක් වගේ. රිදවුමේ අන්තය තෙක්ම ඉවසන් හුන් නිසා ඒ කාල පරාසයේ වේදනාවක් දැනුනත්, එතැනින් එහා මට කිසිවක් දැනුනෙ නැහැ. ඔහු මා සඳලුතලයට ඇදගෙන ගියාට පසු කුමක් වුනාද කියාද මා දන්නෙ නැහැ. "නුඹ විඳවනවා" කියා හෘදසාක්ෂිය තේරුම් කරවන්න උත්සහ කරත්, මට කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්‍ය වුනේ නැහැ. හිස් අවකාශෙක මුදුනේ ඉදන් හැඟීම් දැනීම් විරහිතව ගැඹුරු හෙලකට ඇද වැටෙනවා වගේ ඔහුගේ රලු ස්පර්ශ, සිපගැනීම්, ඇතුල් වීම් මා හට දැනුනා. මා දන්නවා මේ මතකය මගේ කතාවේ වේදනාබර පරිච්ඡේදයක කොමාවක් වූ බව. මේ වේදනා මා හට හුරුයි. නමුත් දරාගන්න බැරි වේදනා ඔහුට ඇතිකරවලා, ඔහුගේ කතාවේ නැවතුම් තිත තියන දවස තෙක් මා දෑස් අයාගෙන බලන් ඉන්නවා.

ජන්ග්කුක් තම හිතත් සමග වාද වෙවී ඉද්දී එතැනට තවත් අමුත්තෙක් පැමිණියා.

"ඔබ මා කියූ දේ රැගෙන ආවාද?"

"එසේයි කුමරු....."

"ශ්හ්..... මේ මන්දිරයේ ගහට කොලටත් කන් තියෙන්න පුලුවන් කයිරු. නුඹේ වචන ප්‍රවේසම් කරගනු."

ජන්ග්කුක් සැර වැර වන්නට වුනේ ඔහු සමග වහල් කමේ ආ අන්තප්පුර සේවිකාවක් හටයි. ඇය නම්, දිනක් ඔවුන් ගම්මානයට අශ්ව කරත්තේ ගමන් ගද්දි, රෝස් සමග ආ තරුණියයි. ජන්ග්කුක් ගේ පශ්චත්භාගයේ වේදනාව දුරු වන්න පුලුන් කොට්ටයක් දුන්නේද ඇයයි.

"මෙන්න ගන්න. ඔහු පුහුණුවීම් කරන ඉසව්වට ගොස් ප්‍රවේසමෙන් මේ කූඩය විවර කරන්න."

"හොඳයි. ඔබ පිටත් වෙන්න. අප නැවත අපේ රහස් මංකඩේ මුණගැහෙමු."

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Where stories live. Discover now