𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 10

952 119 13
                                    

"කරුණාකරලා මේ රාත්‍රියේ මාත් සමග යහන්ගත වෙන්න..."

සෙන්පතිතුමාට හීනෙන් මෙන් ඔහුගේ මොණරිගේ වෙව්ලන හඬ ඇහුනා. යොන්ජුන්ගේ ගෙලේ තදවුනු අත, ඔහු කෙමෙන් ලිහිල් කලා. සටන් කරලා රාජ්‍යක් දිනූ අයෙක් වගේ ඔහු අත් දෙපසට විහිදුවා බර හුස්මක් පහත දමමින්, ජන්ග්කුක් ඔහුට යටත් වුනා යන හැඟීමෙන් ලැබූ අධ්‍යාත්මික සුවය අත්වින්දා.

"යුන්ගී, මූව ගෙනගොස් මුගේ කුටියෙන් දමන්න. සූබින්ට මොහු ගැන ඇහැ ගහන් ඉන්න කියන්න."

සෙන්පතිතුමාට ආචාර කල යුන්ගී, යොන්ජුන්වත් ඇදගෙන නිදන කුටියෙන් ඉවතට ගියා. යුන්ගී ගිය විගස ඔහු දොර අගුලු දැමුවෙ නැත්තේ, අතවැසි සේවිකාවන්ට ඇවිත් ඔහුගේ කුටිය සුද්ද කරන්නත්, සරසන්නත් අණ කල නිසයි.

යුන්ගිව පිටත් කර ආ ටේහෙයොන්ග් ගේ ඇස් නැවතුනේ තවමත් ඇඳ විට්ටමේ අත් බැඳ දමා තිබූ ජන්ග්කුක් ගේ මැලවුණු මුහුණ අසලයි.

"මොණරී, මන් නුඹේ දුර්වලතාවය හොයාගත්තා."

"වෛර කරනවා... මම"

"ඇතිතරම් වෛර කරපන්. නමුත් නුඹ මට වචනයක් දී අවසන්."

ජන්ග්කුක් හඬ බාල කරමින් කතා කලේ යොන්ජුන් ට හිරිහැරයක් වේයැයි බයෙන්. නෝර්ඩියා දේශයට විත් යොන්ජුන්ට හිතවත් වීම ගැන ඔහු අනන්ත වාරයක් හිතින් පසුතැවුනා. තමන්ගේ ආත්ම ගෞරවය, නම්බුව නැති වුනත්, සෙන්පති තුමාගේ මරණය වන තමන්ගේ අරමුණ වෙනුවෙන් ජීවත් වෙන්න තීරණය කලා.

බැඳීම් මිනිස්සුන්ව දුර්වල කරනවා.උඹ කියපු කාරණාව ඇත්ත සෙන්පති තුමා. මම උඹට කරන්න හැදුවෙත් ඒ දේමයි. තරුණියක් විදිහට වෙස් වලාගෙන උඹව මගේ මායම් දැලට හසුකරගන්නයි වුවමනා වුනේ. මම උඹේ ඇඟට ආස වුනා තමයි, නමුත් ඒක ආකර්ෂණයක් විතරයි. නැතුව උඹේ බිල්ලක් වෙන්න මට අවශ්‍ය වුනේ නෑ. මගේ කරුමෙට උඹ මගේ වෙස්මූණ ගැලෙව්වා සෙන්පතිතුමෝ. උඹ හිතනවනම්, මම දුර්වලයෙක් කියලා, නැහැ උඹ වැරදියි. මගේ සැලැස්ම වෙනස් වෙන්න ඇති, නමුත් අරමුණ වෙනස් වෙන්නෙ නැහැ.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Opowieści tętniące życiem. Odkryj je teraz