zhan ටත් කලින්ම උදෙන්ම ඇහැරුනේ යිබෝ වෙනකොට ඇහැරුණ වෙලාවේ ඉදලම යිබෝ කලේ zhan ගේ මුණට වැටිලා තිබුන කෙස් අයින් කරලා එයාට තුරුළු වෙලා ඉන්න එයාගේ ආදරවන්තය දිහා බලාගෙන බාවනා කරපු එකයි සැරෙන් සැරේ හාදු තියන එකයි...ගණන් කරන්න බැරි තරමේ හාදු ගානක් තියාගෙන තියාගෙන යනකොට ඒ හාදු වල සීතලට zhan හිරි අරිමින් ඇහැරින්න පටන් ගත්තේ පොඩි දැගලීමක් එක්ක වෙනකොට එයා ඇහැරෙනවා කියල දැනෙද්දීම යිබෝ ඇස් පියාගත්තේ zhan මොකද්ද කරන්නේ කියල බලාගන්න ඕනේ නිසා.
zhan ඇස් අරිනකොටම එයා දැක්කේ එයාව තුරුල් කරගෙන සැනසිල්ලේ ඇස් පියාගෙන ඉන්න යිබෝ ව වෙනකොට සිහින් හිනා රැල්ලක් zhan ගේ මුනේ ඇදුනා වගේම යිබෝ ව බදාගෙන හිටපු එක අතක් අරගෙන යිබෝ ගේ මුණ දිගේ අරගෙන ගිහිල්ල නතර කලේ එයාගේ තොල් ලගින් වෙද්දී ඇගිල්ලකින් පිරිමදපු zhan හෙමිටම ලං උනේ යිබෝ ගේ තොල් වලට....යිබෝ ගේ තොල් වලට දැනුන පහසත් එක්කම බොරු නින්දේ හිටපු යිබෝ ඇහැරිලා ආයම zhan ව බදාගෙන ඇගට හිර කරගෙන හාදුවේ අදිපත්‍ය එයාගේ අතට අරගෙන පිස්සුවෙන් වගේ zhan ව සිපගන්න පටන් ගත්තා.
''බබා....යන්නකෝ wash දාගෙන එන්නකෝ ගිහිල්ලා..අපි අද ඇවිදින්න යනවා..යන්න.හොද මැණික වගේ ඉක්මනටම එන්න....''
''යිබෝ ගගා....අහන්නකො...අපි කොහෙද ඉතින් ඉන්නේ දැන් අදින් පස්සේ....''
''ම්ම් ....ඉන්නෙද.....ඉන්නේ.....මගේ ගෙදර..මගේ මමා දුන්න ගෙදර.....දන්නවද ශානු....අහන්නකො..මට ඕනේ මගේ dad ගේ දේවල් නෙමෙයි..මම ම දියුණු වෙන්නයි මට ඕනේ....එයාගේ දේවල් එයාම කරගත්තාවේ..මට kuan ගගා campus ගිහිල්ල ඉවර උනාම එයත් එක්ක join වෙන්න කිව්වා...මම එයත් එක්ක join වෙලා මගේ මහන්සියෙන් ඉස්සරහට යනවා ....අහන්නකො...සමහරවිට අපිට දුක් විදින්න වේවි....ඔයා මාත් එක්ක ඉන්නවද ශානු....''
''ගගා...මම ඔයා මොන විදිහේ කොහොම හිටියත් මම ඔයත් එක්ක ඉන්නවා මගේ ගගා....සත්තයි....''
ඉක්මනටම wash දාගෙන දෙන්නත් එක්ක ලෑස්ති වෙලා හොටෙල් එකින් එලියට ආවේ එයාලගේ බඩු ටික යිබෝ ගේ ගෙදරට යවල වෙනකොට දෙන්න එක්ක නිදහසේ ඇවිදින්න හිතාගෙන ඉස්සරෝම දෙන්නම උදේට restaurant එකකින් කැවා..ඒ කන ගමන් යිබෝ ට call එක ආවේ එයාගේ dad mr wang ගෙන්....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.