ජිජි ....ජිජි...මම princess ව කාමරේම දාල දුවගෙන ගියේ kitchen එකට.ඊයේ ආවේ zhan ද ජිජි...එයා මොකටද මෙහෙට ආවේ.kuan ගගා එක්ක එයාද වැඩ කරන්නේ...හරි කමක් නෑ.හැබැයි ආය එයාට මෙහෙට එන්න තහනම්..කෝමත් එයාව ආය මෙහෙට ගන්න එපා..මම කැමති නෑ එයාට කීයටවත්.
ඒ අහිංසක ළමය ඔයාට මොන වරදක්ද කලේ බොබෝ...ඒ ළමය නම් කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි..එයාට දෙන්න පුළුවන් නම් අනිත් අය වෙනුවෙන් පණ උනත් දේවි..ඔයාට පිස්සුද බොබෝ ඒ වගේ ළමයෙක්ට ඒ විදිහට කතා කරන්න.අනික ඔය දෙන්න දන්නවද.?
**********************************************************************************************
දන්නවද? ම් .... නෑ නෑ මම දන්නේ නෑ.එත් ඒ වගේ හිගන්නුන්ට මම කැමති නෑ කොහොමත්.ආය ඌව මෙහෙට වද්දගන්න එපා.(සමාවෙන්න හිතකින් නෙමෙයි කිව්වේ...මම xiao zhan පිස්සියක් හින්දා මටත් දුකයි.එත් කතාවට විතරයි හොදද)
"wang yibo...."
කවදාවත්ම මට නමින් කතා නොකරපු ජිජි කෑ ගහපු පාරට මම ගස්සුනේ නෑ කිව්වොත් බොරු.
"ආය තමුන් මට ඇහෙන්න එක වචනයක් මේ ගේ ඇතුලේ ඒ ළමයට විරුද්දව කතා කරොත් මම ආය කවදාවත් ඔයත් එක්ක කතා කරන්නේ නෑ යිබෝ.දන්නවද ,මට මුලින්ම kuan ඒ ළමය ගැන මොනාද කිව්වේ කියල....හරිම උත්සහවන්ත ළමයෙක් කිව්ව.kuan ලග ඒ ළමය දැනට අවුරුදු 4ක් විතර වැඩ කරනවා කිව්ව.මේ ගත උන කාලේදී ඒ ළමයාගෙන් චුට්ටකට වත් පාඩුවක් හොරයක් වෙලා නැහැලු.අනික තමයි ඔයයි ඔයාගේ ගැන්සියයි එක විනාඩි 5න් වියදම් කරන සල්ලි හොයන්න ඒ ළමය අවුරුද්දක් රෑ 10/11 වෙනකම් මහන්සි වෙනවා.තමුන්ලා ටික කාල බීලා club වල එක එකාගේ කරපිටින් ගෙදර එද්දී ඒ ළමය ඉගනගන්න වියදමට සල්ලි හොයන්න නැහෙනවා.උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉදන් ඒ ළමය කරන්නේ ඉගන ගන්න ඕනේ කොහොම හරි කියන සිතුවිල්ලෙන් නැහෙන එක.ඔයාගේ ගගාගේ හොටෙල් එකේ උනත් ඒ ළමය පොඩි වැඩ ටිකක් නෙමෙයි කරන්නේ.ගගා නැති වෙලාවට අනිත් උන් එයාගෙන් වැඩ ගත්තත් ඒ ළමය නෙමෙයි වචනයක් වත් කියන්නේ.
මම ඊයේ තමයි ඒ ළමය ඉස්සරෝම දැක්කේ.ඔයා දැන් බලනවා ඇති කොහෙවත් නැති කෙනෙක්ට මොකද මෙච්චර අනුකම්පාවක් කියල..ඊයේ මගේ ඉස්සරහට ඒ ළමය එද්දී මම දන්නේ නෑ කියාගන්න බැරි තරම් හැගීමක් මගේ හිත අස්සේ තෙරපුණා.මගේ දරුවෙක් වගේ හැගීමක් ආවා මට එයාව දකිද්දී, ඒ හිනාව මට ගොඩක් පුරුදුයි වගේ දැනුන.මම හිතන්නේ කලින් ආත්මේ හුරුවක්ද දන්නේ නෑ.ඒ කොහොම උනත් ඔයා එයාට දොස් කියද්දී මට දැනෙන්නේ එයා තව දුරටත් හිගන්නෙක් නෙමෙයි කියල.මට kuan ට ඉහලින් ගිහිල්ල එයාව මෙහෙට අරන් එන්න බෑ.මම කිව්වොත් kuan ඒක අහන්නේ නැතුව ඉන්නෙත් නෑ.ඒත් මට බයයි මේ තියන ප්රශ්නත් එක්ක ඒ ළමයත් මෙහෙට අරන් එන්න.ඔයාගේ තාත්තට මට දොස් කියන්න තව topic එකක් දුන්න වගේ වෙනවා එතකොට.එහෙමයි කියල ඒ ළමය ගැන ඔය වගේ කතා කියන්න දෙන්නත් බෑ yibo...please එහෙම කියන්න එපා ආය.මම ඉල්ලනවා.ඒ ලමයව ඔයාගේ campus එකේදිත් බලාගන්න yibo...
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.