📖️📖️ Back To School 📖️📖️ .....
කල්පනාවේ සිටි ශාන් එක්වරම මිදුලේ එක් කෙරවලකින් ඇසුනු හඩකට තිගැස්සී ගියේය ....
" දෙයියනේ ....................
**
........ යීබෝ .........."
දොහ් හඩින් තාප්පෙන් බිමට පැන එහෙම්මම වාඩිවී සිටින යීබෝ අසලට ශාන් කෑගසාගෙන දිව්වා නොව විද්දා කීවොත් නිවැරදි ය ....
", ඔය ආවේ ලස්සනට ලඟට......."
,බිමට පැන එලෙසින්ම බිම බලාගෙන සිටි යීබෝ ශාන් ඔහු අසල බිම ඇනතියාගත් පසු සිනාසෙමින් හිස ඔසවා කීවේය ...
" ඇට්ටරකමේ සීමාවක් නෑ....දෙන්න හිතෙනවා ටොක්කක් හිල්වෙලා යන්න.....නැඟිටින්න ඉතින් බලන්න කකුලක් වත් ඇමැට්ටි උනාද කියලා ...."
ශාන් කියවමින්ම යීබෝව අල්ලාගෙන හිටගත්තේය .....
" මොකුත් වෙලා නෑ මට....... යමු මට බීම ඕන...."
දැන් ගෙදර එකා යීබෝ බවට පත්වී ඇති ලෙසකි ඔහු කෙලින්ම නිවස තුලට ගොස් ශාන් පොත කියවන්නට වාඩිවී සිටි සෝපාවේ වාඩිවුනේය .... ශාන් නිවස තුලට අවුත් පපුවට අත්දෙකත් බැදගෙන යීබෝ දෙස බලාගෙන සිටින්නේය....යීබෝ ශාන් කියවමින් සිටි පොත එහා මෙහා පෙරලමින් බලන්නේය.....
" බීම එකක් දෙන්න........."
තවත් ටිකවෙලාවක් නොසෙල්වී සිටින ශාන් දෙස තරවටු බැල්මක් හෙලමින් යීබෝ කීවේය ... ශාන් පපුව පුරවා හුස්මක් පිටකරමින් මුලුතැන්ගෙය දෙසට යද්දී යීබෝත් ඒ පසුපසින් යන්නේය.... සින්ක් එක අසල පැන්ට්‍රිය මතින් වාඩිවූ ඔහු දැන් ශීතකරනය විවෘත කරගෙන සිටින ශාන් දෙස බලාගෙන කතාකරන්නට පටන්ගත්තේය ....
" ඔයා මොනවද ඇවිත් කෑවෙ...."
ශාන් ඉක්මනින් හිස ඔසවා යීබෝ දෙස බැලුවේය ...
", ඔයා කාලා නැද්ද යීබෝ ....."
යීබෝ නෑ යැයි හිස දෙපසට වනද්දී ශාන් ඔහු අසලට ආවේය .... ඇත්තෙන්ම යීබෝ නිවසේදී කෑම මේසයට ඉදගත්තත් අද ඔහු කැමති කිසිවක් එහි නොවීය... ඉතින් ඊට කාටවත් දොසක් කියන්නට නොහැකිවන්නේ යීබෝ කිසිම දවසක නිවසේ කිසිවකු සමඟින් තමන් කැමති ආහාර පවසා නැතිවූ නිසාවෙනි .... එක් අයෙකු හැරෙන්නට.....
YOU ARE READING
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...