📖️📖️ Back To School 📖️📖️ .........
වෙරෝනිකාගේ දෑස් සෘජුව යොමුවී ඇත්තේ ශාන් දෙසටයි..... ශාන් වෙනසක් නොපෙන්වා ඔහුගේ ආසනයෙන් නැගිට ඔවුන් අසලට ගියේය ..
" වාඩිවෙන්න ......."
ශාන් සිනාසෙමින් කීවත්....................
**
" මොන එහෙකටද මගෙ පුතාගෙ ඔෆිස් එකේ තමුන් ඉන්නෙ....අනික අපිට වාඩිවෙන්න කියන්න තමුන් කවුද......"
යනුවෙන් යීබෝගේ මව කෝපයෙන් අසද්දී ශාන් අන්ත අසරණ උනේය....... තමුන් කවුරුන් ලෙස මොවුන්ට හදුන්වා දිය යුතුද.......එය ශාන්ටත් ගැටලුවකි.......අසම්මතය පිළිගන්නා අය අසල කිසිදු බියක් නැතිව මේ මගේ බෝයිෆ්රෙන්ඩ් බව කෑගසා කියන්නට හැකි නමුත් මේ එවන් අයවලුන් නොවන බව ශාන් හොදින්ම දන්නේය...
" කෝ තමුන්ගෙ බොස්........"
ශාන් දෙසටම යොමුකරගෙන සිටින තියුනු බැල්මෙන්ම ඔහු එලෙසින් අසද්දී ශාන්ගේ ඇස්වලට කදුලු පිරුනේය .......
" එයාගෙ බොස් ගැනනම් දන්නෙ නෑ එයාගෙ බෝයිෆ්රෙන්ඩ් නම් මේ ඉන්නවා......."
නොසිතූ මොහොතක නොසිතූ පැමිණීමක්........ කාර්යාලයේ දොර අසල හිටගෙන සිටින යීබෝ කෝපයෙන් පිරුණු දෙනෙත් වසර දාහතරකට පසුව දකින තම මවට යොමුකලේය.........
" චූටි මම එලියට ......."
මෙතන රැදී සිටීම සුදුසු නැතියැයි සිතුනු නිසාම ශාන් යීබෝ හිටගෙන සිටින දොර අසලට ඇවිද ගියේය ...
" යීබෝ .......... මොකක්ද ඔයා කිව්වෙ......."
යන්නට යන ශාන්ගේ අතකින් අල්ලාගෙන ලඟට ඇදගනිද්දී වෙරෝනිකා කෑගැසුවේය ....
YOU ARE READING
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...