📖️📖️ Back To School 📖️📖️ ......
.
.
." නැඟිටින්න චූටි ........."
මේ ඉතින් ඔවුන් විවාහක යුවළක් ලෙසිලක් ලෙසින් අවදිවන පළවෙනි උදෑසනයි.... පෙට් ගේ එපාට්මන්ට් එකේ සුවපහසු සයනයක නිදාගෙන සිටින යීබෝ අසලින් ශාන් අසුන්ගත්තේය ... ඔහු මේ මීට විනාඩි 30 කට පමණ පෙර අවදි වී දෙදෙනාටම කිරිත් හදාගෙන යලිත් කාමරයට ඇවිත් සිටින අතර කීවතාවක් කතාකලත් ඉතින් යීබෝ සුව නින්දේය ....
" චූටි ................"
මෙවර ශාන්ගේ හඩ මදක් උස්වෙද්දී යීබෝ සෙමින් දෙනෙත් හැරියේ ය ...
", මොකක්ද ඔකූ........ චුට්ටක් නිදියන්න දෙන්නකො....හරියට කොලේජ් යන්න වගේනේ නැඟිට්ටවන්නෙ අප්පා ......."
මූණත් අමුතු කරගෙන යීබෝ කියද්දී ශාන් යීබෝගේ තට්ටමකට පහරක් දුන්නේය....
", වෙලාව දහයයි කාලයි චූටි .......දැන් අර යාලුවන්ට අපි එනවා කිව්වෙ කීයටද .........."
" අප්පටසිරි ...........එච්චර වෙලා ගිහින්ද බබා.......ඔයා ඉතින් මාව නැඟිට්ටවන්න එපැයි හබියෝ............"
ශාන්ගේ එක් එරවීමකින් යිබෝ මෝඩ හිනාවක් සමඟින් ඇදමතින් වාඩිවිය ...
" මගෙ වස්තු කොටේනේ ඉතින්.......ඔහොම රවන්නෙපා මැණික ...... අපි කුක්කු බොමුකො...."
යීබෝ තාලයකට එලෙසින් කියමින් නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු කිරි මග් එකක් රැගෙන ශාන් අත තැබුවේය .... අනෙක ඔහු රැගෙන ශාන්ගේ කම්මුලට හාදුවක් ද තැබුවේය ....
" 12ට යනවා කිව්වට දොළහමාර විතර උනාට කමන්න්නේ නෑ බබා.. ලන්ච් වලටනේ යන්නෙ..."
YOU ARE READING
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...