📖️📖️ Back To School 📖️📖️ .....
අනේ ඉතින් අපේ බෝගෙ ලස්සන නේද.. ශාන්ගෙනේ ඉතින්....❤️💚💛
.......................................................................
එහෙනම් හෙට ඔයා කැමති වචන දහයක් බෝඩ් එකේ ලියනවා කියලා කියන්න ඕන.....මට දැම්ම ඒ වචන 10 දෙන්න....."
" යීබෝ ........"
" යිබෝ තමයි .............. "
**
ශාන් නිහඩවිය.....මේ ඇට්ටරයා සමඟ කෝපයෙන් සහ වචන හරඹ යෙන් ගනුදෙනු කරන්නට නොහැකි බව මේ ගෙවී ගිය දින කිහිපයේදී ශාන් හොඳින්ම ඉගෙනගත් කරුණකි...
යීබෝ තවමත් සින්ක් එක අසල පැන්ට්‍රිය මත වාඩිවී කකුල් දෙකත් සොලවමින් ශාන් භාජන පිරිසිදු කරන දෙස බලාගෙන සිටින්නේ ය...... ඇස් කොනින් මේ දසුන ශාන් දුටුවත් ඔහු නිහඬවම ඔහුගේ කාර්යයේ නිරත වෙන්නට විය....
" හා නේද.........."
සෑහෙන වෙලාවකට පසුව ඉතාමත් මෘදු හඬකින් යීබෝ අසන්නේය....භාජන සෝදා අවසානයේ අත්දෙක පිසදාගත් ශාන් යීබෝ දෙසට හැරුනි ....
" අසාධාරණ වැඩ මගෙත් එක්ක බෑ....... ඔයාට මතක තියාගෙන කියන්නම වෙනවා........ මොකද වචන මම අර ගන්නෙ පන්තියෙන්....."
යීබෝ සින්ක් එක මතින් බිමට පැන ආලින්දයට ඇවිද ගියේය ..... ශාන් වාඩිවී සිටි අසුනින් වාඩිවී කකුල් දෙකත් සෝපාව මතට ගෙන අහකබලාගත්තේය ..... කිචන් එකේ සිට ආලින්දය දෙසට ඇවිදගෙන එන ශාන් මේ සියල්ල හොඳින් දුටුවත් නිහඬ විය...මේ වන විට වේලාව සවස පහටත් ආසන්න වී තිබුණු අතර ශාන් යීබෝ අසල අනෙක් අසුනට බරවිය ....ස්ටූල් එක මත තිබුණු පොත අතට ගත් ශාන් උපැස් යුවළක් පැලඳ ගෙන නිහඬවම එය කියවන්නට පටන් ගත්තේය....
CZYTASZ
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...