34... තිස් හතරවෙනි හැරවුම..

2.3K 437 203
                                    

📖️📖️ Back To School 📖️📖️ ...........

📖️📖️ Back To School 📖️📖️

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

..

ඉතිරි සතියේ දින කිහිපය යීබෝ මෙන්ම ශාන්ද කාර්‍ය්බහුල කරමින් ගෙවී ගියේය... මේ බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවයි.... ශාන් පාසල අවසන් වෙද්දී ගෙවී ගිය දින කිහිපයේ මෙන්ම යීබෝගේ වාහනය ගේට්ටුව අසල නතරවී තිබුනි.... හිතේ සියුම් ආඩම්බරයක්ද ගැහැණු ළමුන් යීබෝ දෙස බලමින් යනවිට සියුම් ඊර්ෂ්‍යාවක් ද සමඟ ශාන්  වාහනයට ගොඩවිය.....

" හෙට දොළහට ඕෆ් වෙනවා කියලා පිනාට කිව්වනේ ....."

වාහනයේ හරි බරි ගැසී වාඩිවෙද්දී යීබෝ  ඇසුවේය ..

" පැය ගානකට පස්සේ දැක්ක ගමන් මගෙන් ගුටියක්  ඕනේ වෙලා චූටිට.....මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙනවා......ආයේ මට ඔය නම කියනවා ඇහුනොත් තැන කොතනද අදාල නෑ ගහනවා...."

යීබෝ  සිනාසෙමින් වාහනය පාරට දැම්මේය....

" ඒක ඉතින් දැන් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ....ඔයා කොහොමත් එහෙමයි ඔකූ........"

යීබෝ  ශාන්ගේ අත ඔහුගේ අතක පටලවාගෙන කීවේය ...

" ඔයා අරයව මීට්වෙන්න යන්නෙ කවද්ද .... "

ශාන්  බරපතළ ලෙසින් අසද්දී....මේ දිනවල හදිසියේම යළිත් මුණ ගැසෙන්නට සිටින්නේ කවුරුන්දැයි කල්පනා කරමින්ම යීබෝ  ඇසුවේය ... ගෙවී ගිය දින තුනක කාලය තුළ ඔවුන්ගේ වැඩසටහනෙහි  සෑහෙන කොටසක් අවසන් කර ගන්නට හැකි විය... බෙයිජින් ගමනත් එහි වැඩ කටයුතු කිහිපයක් සඳහාත් වෙන් කරවා ගෙන තිබෙන්නේය.......

" කැතී.....කැතී.......හැබැයි ආයේ මාව හොයාගෙන ඉස්කෝලෙට ආවොත් එහෙම මම ගෙදරට එන්න කියනවා......"

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Opowieści tętniące życiem. Odkryj je teraz