📖️📖️ Back To School 📖️📖️ ......
.
.
." චූටි ඔයා ඇතුලට එන්නේ නැද්ද....."
මේ ශාන්ගේ පාසලේ සිදුවීම සිදු වූ දිනට පසුවදා උදෑසනයි... කොලේජ් එක අසලින් වාහනය නතර කෙරූ යීබෝ ශාන් බසින තුරු බලාගෙන සිටින නිසා ශානුත් වාහනයෙන් බිමට බසින්නේ නැතුව තවමත් රියදුරු අසුනේ වාඩිවී සිටින යීබෝ දෙස ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මක් හෙලමින් ඇසුවේය..
" මම හදිසි වැඩකට education department එකට ගිහින් එන්නම් ඔකූ....මේක ඊයෙ යන්න තිබුන ගමනක්..."
ඉතින් ඇත්තෙන්ම එවන් ගමනකුත් තිබෙන නිසාවෙන් සැකයක් ඇති නොවන ලෙස එලෙසින් පැවසූ යීබෝ විශ්වාසනීය සිනහවක් ද ශාන් වෙතට පෑවේය ...මොකද තමන්ගේ පුංචි ඉරියව්වක වෙනසක් පවා හඳුනන්නට හැකි එකම පුද්ගලයා ශාන් බව යීබෝ නොදන්නවා නොවේ....
" හ්ම්ම්ම්...ඉක්මනින් එන්න....හෙට ගමන දාගෙන තියෙන නිසා අද කරන්න වැඩ ගොඩයි......"
යීබෝගේ ගමන පිළිබඳව සැකය දුරු කරගත් පසුව එලෙසින් පැවසූ ශාන් වාහනයෙන් බැස්සේය....
" CID එක මීටවඩා හොදයි...."
වාහනය ගේට්ටුවෙන් මහා මාර්ගයට දමන අතර යිබෝ එලෙසින් තනිව මිමිනුවත් ඔහුගේ මුහුණේ ඇත්තේ සුන්දර සිනහවකි.... ඉතින් ශාන් තමන් පිළිබඳව හොයන්නේ නැතුව කවුරුන් හොයා බලන්න ද.....යළිත් ඔහු එලෙස එලෙසින්ද සිතුවේයම්.
" මගේ ඔකූ........."
කාටද ඇමතුමක් ගන්නා අතර ඔහු සෙමින් මිමිණුවේය ..
" වැඩේ හරි නේ....."
"...................."
" මම විනාඩි 10න් ඔතන......"
මෙතරම් වේලාවක් මුහුණෙහි තිබුණු සුන්දර සිනහව දැන් ඔහුගේ මුහුණෙන් පහව ගොස් ඇත... තත්පර කිහිපයකින් ක්ෂණයකින් යීබෝගේ දෙනෙත් කෝපයෙන් රත් පැහැයට පත්වුණේය.... පුළුවන් තරම් වේගයෙන් නගරයෙන් තරමක් ඇතුළට වන්නට රිය පැද වූ ඔහු අවසානයේ භාවිතයට නොගන්නා පාළු නිවසක් ඉදිරියේ වාහන නතර කළේය...
හරියටම කිව්වොත් මේ නූනම්මාගේ නිවහනයි..... ඇය සිටින්නේ සියලු සැපපහසුකම් වලින් අනූන සුරැකුම් මධ්‍යස්ථානයකයි...
KAMU SEDANG MEMBACA
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fiksi Penggemar❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...