13.. දහතුන් වෙනි හැරවුම....

2.1K 492 276
                                    

📖️📖️ Back To School 📖️📖️ .......

ටික වෙලාවක් ශාන් දෙස බලාගෙන සිටි යීබෝ ඒ කම්මුලට හාදුවක් තබා දුවගෙන ගියේය ...දැන් නම් ඉතින් ඔය හදිසි උම්මා ප්‍රහාරය ශාන්ට හුරුවී ඇත.... ඒ කම්මුල අල්ලාගෙනම පසෙක තබා තිබූ ග්ලූකෝස් පැකට් බොක්ස් එකත් ෆයිල් එකකුත් අතට ගත් ශාන් ස්ටාෆ් රූම් එකෙන් පිටතට ආවේය .....

නමුත් .......

ඔහු මදක් දුර ක්‍රීඩා පිට්ටනිය දෙසට ඇවිද යද්දී දුටුවේ....................

📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️

...........රොකී සහ ඔහුගේ මිතුරන් තිදෙනෙක් යීබෝව වටකරගෙන සිටින අතර යීබෝව බිත්තියකට හේත්තුකරගෙන සිටින රොකී ඔහුගේ කමිස කරෙන් අල්ලාගෙන ඇගිල්ලක් උරුක් කරගෙන මොනවදෝ කියන්නේය......

ශාන්ට මෙතැන මඟහැර යා යුතුය...... ඩැරන් මෙන්ම ෆෙයෙමින්ග් ද රොකීගෙන් ඈත්වී සිටින ලෙස කිහිපවතාවක්ම කියා තිබුනත් ඉතින් මේ බිත්තියට හිරකරගෙන සිටින්නේ යීබෝවයි........අහක බලන්නේ කෙසෙද.....

" ඒයි........ඒයි........... මොකක්ද මේ කරන්නේ....."

ශාන්  කෑගසාගෙන ඔවුන් අසලට එද්දී  රොකීගේ මිතුරන් මදක් එහාට උවත් රොකී යීබෝව අතහැරියේ නැත...... ශාන්ගේ කෝපය ඩබල් වූයේ යීබෝගේ කම්මුලක ඔහුගේ ඇඟිලි පාරවල් රත්පැහැයෙන් සටහන්වී ඇතිබව දුටුවිටයි.... යීබෝගේ ඇස්වලින් කදුලුත් පැන තිබුනි .....අතේ තිබූ බොක්ස් එක සහ ෆයිල් එක එහෙන්මම බිමට දැමූ ශාන්  රොකීව තල්ලුකර දැම්මේය...

", මේ මේ...........එහාට වෙයං යකෝ.....මේක අපේ ප්‍රශ්නයක් .........."

තල්ලු වී ගිය රොකී කෑගසාගෙන ඇවිත් ශාන්ගේ කොලර් එක අල්ලාගත්තේය ...

" අතෑරපං එයාව.................."

යීබෝ  ඉක්මනින් ශාන් අසලට ඇවිත් ශාන්ගේ කමිසය අල්ලාගෙන සිටින රොකීගේ අත ගසා දමද්දී  මෙවන් සිදුවීම් වලට එතරම් මුහුණ නොදෙන රොකීට ඔහුගේ කෝපය දරාගන්නට නොහැකිව යලිත් යීබෝට අත ඔසවාගෙන ඔහු අසලට පැන්නත් ශාන්  යීබෝව ඔහුගේ පිටුපසට කරගෙන රොකීගේ කමිසයෙන් අල්ලාගෙන ඔහුව බිත්තියට තදකලේය...ශාන්ගේ කෝපයත් ඉහවහා ගොස් ඇත....

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin