📖️📖️ Back To School 📖️📖️ ....
my_zazin ඉතින් හෙලෝ බනී නංගා ඔන්න අලුත් කවර් එකක් ගෙනත්....ඒකත් හරිම ලස්සනයි අප්පා ... දැන් ඉතින් චූටි ඔකු වෙලානේ...💚❤💛
..................................................................................
සදුදා දිනය සෙමින් ගතවී යන්නට විය....පාන්දරින්ම අවදිවූ යීබෝ අද දහවල් 2 දෙක වනතුරු කරන්නට අවශ්‍ය වැඩ ගැන අපූරු දේශනයක් ද අසාගෙනම ශාන්ගේ නිවසින් පිටවිය ... කෙසේ හෝ ඉතින් වසර ගණනක පළපුරුද්ද නිසාවෙන්ම ඔහු මුරකරුවන්ට රහසින් තමන්ගේ කාමරයට පැමිණ උදෑසන 7 ට පමණ දැන් අවදි වූ අයෙකු ලෙසින් පහත මාලයට ආවේය.....
ශාන්ගේ පාසල් කාලය අවසන් වන තුරු යීබෝ ඔහුගේ කාමරයට වී ආරම්භ කරන්නට සූදානම් වන පුහුණු පාසලෙහි සැළැස්ම සූදානම් කළේය....දෙකට විනාඩි පහළොවක් පමණ තිබියදී පයින්ම පාසල අසලට ගියේය ....
", අන්න ඇවිත්......"
ෆෙයෙමින්ග් සමඟ ගෙට්ටුව දෙසට ඇවිද එන ශාන්ට ගේට්ටුවට පිටතින් ඇති තාප්පය ට පිට දී ගෙන සිටින යීබෝව පෙන්වා කීවේය ...ඉතින් ඒ රුව දුටු සැනින් ශාන්ගේ මුහුණෙහි ඇඳෙන සුන්දර සිනහව දුටු ෆෙයෙමින්ග් බොහෝ දේවල් තේරුම් ගත්තේය.....නමුත් ඔහු මේ මොහොතේ ඒ පිළිබඳ කිසිවක් කතා කරන්නට ගියේ නැත.....
" පයින්ම ආවද චූටි....."
ශාන් ගේට්ටුවෙන් පිටතට ඇවිත් ෆෙයෙමින්ග් හට සමුදෙද්දී යීබෝත් එතැනට ආවේය ...
" මගෙ තටු කපලනේ...."
යීබෝ ශාන් සමඟින් පාරේ ඇවිද යන අතර කීවේය ....
" ඕකට කියන්නේ තටු කපලා නෙමෙයි චූටි තටු ගැටගහලා......ඔන්න අද මම පටන් ගන්නවා ඒ ගැට එකින් එක ලිහන්න......"
VOCÊ ESTÁ LENDO
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfic❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...