15.. පහලොස්වෙනි හැරවුම..

2.3K 495 234
                                    

📖️📖️ Back To School 📖️📖️ ...........

ශාන්ගේ නිවස ඇති අතුරු පාරට වාහනය හරවන්නට ඔන්න මෙන්න තිබියදී දුටු දසුනක් නිසා යීබෝ එක්වරම කෑගැසුවේය

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


ශාන්ගේ නිවස ඇති අතුරු පාරට වාහනය හරවන්නට ඔන්න මෙන්න තිබියදී දුටු දසුනක් නිසා යීබෝ එක්වරම කෑගැසුවේය ...

", පීටර් අංකල් අනේ.....අනේ.......වාහනේ නවත්තන්න..............

**

කිසිවක් හිතාගන්නට නොහැකිවූ පීටර් ඉක්මනින් පාරේ අයිනට කර වාහනය නතර කලේය...

" ඇයි බේ..............යකෝ අන්න බැහැලත් ඉවරයි......"

ඇයි කියා අසන්නට හැරෙද්දීත් යීබෝ වාහනෙන් බැස පාර අයිනේ බිම වාඩිවී සිටිනු දැක ඉක්මනින් වාහනයෙන් බැස්සේ ය ...

" අනේ එයාව හප්පලා ගිහිල්ලා.......රෙදි කෑල්ලක් ගේන්නකෝ....."

කුඩා බලු පැටියෙක් පාර අයිනේ වේදනාවෙන් කෙදිරිගාමින් සිටිනු දැක දැන් මේ ඇට්ටර කොල්ලාත් හඩන්නේය ....පීටර් ඉක්මනින් වාහනය පිහදාන රෙදිකඩක් යීබෝ අතට දුන්නේය...

" කකුල කැඩිලද මංදා..."

කූක් කූක් ගාන බලුපැටියාව රෙදිකඩෙන් ඔතාගෙන නැඟිටගත් යීබෝ වාහනයට ගොඩවුනේය...

", ඉක්මනින් යමු....."

,ඉතින් පීටර් ශාන්ගේ නිවස අසලට වාහනය රැගෙන ආවේය ...

", එයාව ගෙදරනම් ගෙනියන්න බැරිවෙයි බේබි...."

විවර කර ඇති ගේට්ටුවෙන් පෙනෙන නිවස දෙස බලාගෙන පීටර් කීවේය ..

" මෙහෙ තියාගන්නවා......"

යීබෝ වාහනයෙන් බැස්සේය.... වාහනය නොපෙනී යද්දී යීබෝ ගේට්ටුවත් වසාගෙන නිවස දෙසට ගියේය ....

" මේ මොකද ........මේ ලේ......"

කාමරයෙ සිටි ශාන් ආලින්දයට එද්දී කුඩා බලුපැටවා නොදුටු ශාන් යීබෝගේ අතේ ඇති ලේ තැවරුනු රෙදිකඩ සහ කදුලු පිරුනු දෙනෙත් දැක පුදුම තරම් කලබල උනේය ..

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Tahanan ng mga kuwento. Tumuklas ngayon