📖️📖️ Back To School 📖️📖️ ...........
.
.
.
.කිසිවෙක් අවදි කරන්නට පෙර තනියම අවදිවීම දැන් යීබෝගේ පුරුද්දකි... ඉතින් පුරුදු උණුසුම ළඟ නැති බව දැනුණු නිසාවෙන් ඔහු සෙමින් දෙනෙත් විවර කලේය.... කාමරයෙහි එක් පසෙක තබා ඇති අයන් බෝඩ් එක ලඟ ශාන් යීබෝගේ කමිසයක් අයන් කරමින් සිටිනු දෙනෙත් විවර කර සැණින් ඔහුගේ දෙනෙතට හසුවූ පළවෙනි දර්ශනයයි.....
" good morning චූටි........ඇයි දැන් ම අවදි උනේ තව ටිකක් නිදා ගන්න එපැයි....."
ශාන් සිනාසෙමින් කියද්දී යීබෝ වචනයක්වත් කතා කරන්නේ නැතුව ශාන් දෙස ටික වේලාවක් බලා ගෙන සිටියේය..දැන් ඔහු ෂර්ට් එක අයන් කර අවසන්ය.... හැන්ග්ලර් එකක කමිසය එල්ලා එය පසෙකින් තැබූ ඔහු අයන් එක ඕෆ් කර යිබෝ අසලට ආවේය ..
" ඔන්න ෂුවාන් හම්බවෙන්න යනකොට අඳින්න ඇඳුමක් අය කළා..... හත හමාරට විතර මගෙත් එක්කම ලෑස්ති වෙලා පාරට යමු..... එයත් එක්ක අවශ්‍ය හැමදේම කතා කරගන්න......දෙක වෙනකොට ඔයාගෙ වැඩ ඉවර වුණේ නැත්නම් මට කෝල් එකක් දෙන්න මම කෙලින්ම ටවුන් එකට එන්නම්........"
යිබෝ අසලින් වාඩිවී ඒ හිස සෙමින් අතගාමින් ශාන් කියද්දී යීබෝගේ දෙනෙත් ඒ අතැඟිලි පහසට පිය වී ගියේය..
" හවස යන්නෙ වාහනේ වැඩේට නේද ඔකූ ....."
කොට්ටය මත තියාගෙන සිටි හිස එහෙන්මම රැගෙන ශාන්ගේ කකුල් දෙක මතින් තබා ගෙන ඒ මුහුණ දෙස බලාගෙන යීබෝ ඇසුවේය ...
" හ්ම්ම්ම්ම්... අපි එකින් එක වැඩ ඉවර කරගමු......ඔන්න අලුත් වාහනේ තමයි සිකුරාදා බෙයිජින් යන්නේ......."
ඉතින් යීබෝගේ දෑස් දිදුලන්නේය ....
" ඔයා අලුතෙන් වාහනයක් ගත්තා කියලා දැන ගත්තහම ෂියාඕ පපා ගොඩක් සතුටු වෙයි ඔකූ......"
ESTÁS LEYENDO
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfic❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...