10.. දහවෙනි හැරවුම ...

2.4K 533 359
                                    

📖️📖️ Back To School 📖️📖️ .....

ශාන් කිචන් එකේ මෙන්ම ශාන්ගේ කාමරයේ බැලුවත් ඔහු නැත

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ශාන් කිචන් එකේ මෙන්ම ශාන්ගේ කාමරයේ බැලුවත් ඔහු නැත.... වොෂ් රූම් තුලත් නැත.... පිටතට ගියායැයි කියන්නට නොහැකිය .... පිටුපස දොර වසා ඇති අතර ඉදිරිපස දොර අසල ශාන් සිටියේය.....

එක්වරම ඇසුනු ශබ්දයක් නිසා ශාන්  පන්ති මේසය අසල ජනේලයෙන් හිස පිටතට දැම්මේය........

" දෙයියනේ යීබෝ..............."

**

අඹ ගහේ භාගයක් නැග සිටින ඔහු කද මැද දෙබලක හිටගෙන තවත් දෙබලකට නඟින්නට දඟලන්නේය..ටීෂර්ට් එක අඹ අත්තක පැටලී සුදු පිට සම්පූර්ණයෙන්ම නිරාවරණය වී ඇත.......ශාන්ගේ කෑගැසීමට ගැස්සී ගිය ඔහු වැටෙන්නටත් ගියේය .  ..

" ඔහොම කෑගහනවද අප්පා.......තව පොඩ්ඩෙන් පොළොව සිපගන්න තමයි වෙන්නේ......"

අපහසුවෙන් දෙබල මත සිටින ඔහු ශාන්ට කෑගසන්නේය ...

" පන්ති කරන වෙලාවෙ ගස් බඩගාලා හරියනවද යීබෝ ....කෝ හිමීට බහින්න..."

ශාන්  ඉක්මනින් ඉදිරිපස දොරෙන් එළියට විත් ගහ යටට ආවේය ....

" ඒකනේ මේ කේස් එක......"

ගස මුලට වී අත්දෙකත් ඉනමත තියාගෙන සිටින ශාන් දෙස හිස පහත්කර බලමින් යිබෝ  සෙමින් කීවේය ...

" බහින්න බෑ කියලනම් කියන්නෙපා යීබෝ  ..."

" නොකියා කොහොමද දැනගන්නෙ ආ........මට බහින්න බෑ තමයි ...."

යීබෝ  පණ්ඩිතයෙකු ලෙසින් කියද්දී කේන්තිය අස්සේම ශාන්ට හිනායන්නටත් එන්නේය...

", බහින්න බැරිනම් මොකටද යීබෝ  නැග්ගේ ..."

යීබෝව බිමට ගන්නට ක්‍රමයක් කල්පනා කරමින් ශාන්  කෑගසන්නේය....

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Onde histórias criam vida. Descubra agora