16..දාසයවෙනි හැරවුම..

2.3K 499 329
                                    

📖️📖️ Back To School 📖️📖️ ........

", ,ඇයි අප්පා මෙහෙම අඩන්නේ බෝ.........හේතුව කියන්නකෝ......"

ශාන් එලෙසින් කියද්දී ත් යීබෝ ඇස්වලට කදුලු පිරෙන්නේය...

", ඔකූ...............

**

............ ඔයාව අර යූනට ප්‍රපෝස් කරන්න හදන්නෙ අප්පා ....."

යීබෝ වෙව්ලන කටහඩින් එලෙසින් කියමින් යලිත් ශාන්ව වැලඳගෙන හඩන්නේය....

", ඉතින් ඒකටද මේ අඩන්නෙ චූටි .... කෝ......අපි මුලින්ම ගෙට යමුකො....ඔයාගෙ ශංකු බලන්නෙ නැද්ද ......"

" එයා.....ව බලන්න....පුලුවන් .....පස්සෙ.........ඔයා....යූනට කැමතීද ........ඔකූ ........."

යීබෝ යලිත් ගෙලමතින් හිස ඔසවා ශාන්ගෙන් අසන්නේය...

" මං එයාට කැමති නෑ බෝ..... එහෙම කවුරුවත් යෝජනා කරපු පලියට කැමතිවෙනවද.... ඕනෙම කෙනෙකුට ප්‍රපෝස් කරන්න වගේම රිජෙක්ට් කරන්නත් සදාචාරාත්මක අයිතියක් තියෙනවා ..ඔයා මේ හේතුවක් නැති දේකටනේ අඩන්නේ.....බලන්න ඉකිගගහා අඬනවා.....කෝ........අපි මුලින්ම ගෙට යමු....."

ඉතින් ශාන්ගේ වදන් වලට යීබෝ මදක් සන්සූන් විය......

",දැන් කියන්නකො වෙච්ච දේ...."

යීබෝ මුහුණත් බිමට නැඹුරු කරගෙන සෝපාවේ අසුන්ගද්දී ශානුත් ඔහු අසලින්ම වාඩිවී ඇසුවේය ....

" මං ඊයෙ රෑ ඩිනර් ගන්න පහලට එනකොට මීරා පපාට කියනවා යූනා ඔයාට කැමතී කියනවා මොකද කරන්නෙ කියලා ..."

ශාන් යීබෝගේ අතකින් අල්ලාගත්තේය ...

" මම පඩිපෙල ලඟ නතරවෙලා අහගෙන හිටියා.... රට යන්න ඔක්කොම ලෑස්ති කරගත්තත් ඔයාව දැකලා දැන් යන්න බෑ කියනවලු ........."

යීබෝ යලිත් අත්දෙකෙන් මුහුණ වසාගෙන අඩන්නේය....

" කෝ......මං කිව්වනේ මං කැමති නෑ කියලා චූටි........ "

ශාන් යීබෝව පපුවට තුරුලුකරගෙනම කීවේය .....

", පපා කිව්වා හෙට ඒ දරුවා ආවම අහමු කියලා .....ඉතින්.....ඉතින්......මම කන්නෙත් නැතුව රූම් එකට ගිහින් දොර වහගත්තා....."

ශාන්ගේ පපුව මත මුහුණ තියාගෙනම යීබෝ කීවේය....

" දැන් උදේට කෑවෙත් නැද්ද ආ......"

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Donde viven las historias. Descúbrelo ahora