📖️📖️ Back To School 📖️📖️ .........
කෝපයෙන් කෑගසන යීබෝව ශාන් කෙසේහෝ සන්සුන් කරගත්තේය ..
" එතකොට ඒ බෙලා කියලා ඔයා දැනගත්තෙ කොහොමද ඔකූ........හම්බවෙන්න ගියෙනෑ කියලා ඔයා කලින් පැහැදිලිව කිව්වනේ...."
බර හුස්මක් පිටකරමින් යීබෝ අසද්දී ශාන් යීබෝගේ අතකින් අල්ලාගෙන යලිත් වාඩිවුනේය. .කලින් වතාවේ යීබෝ බලෙන් ශාන්ව ඔහුගේ කකුල් දෙක මතින් හිදුවා ගත්තත් දැන් ශාන් ස්වකැමැත්තෙන්ම එතැනින් වාඩිවී යීබෝගේ ගෙලවටා දෑත් පටලවාගත්තේය....
" පානිය දාන්නෙ නැතුව කියන්න ඔකූ .......ඒ බෙලා කියලා ඔයා දැනගත්තෙ කොහොමද ..."
යීබෝ පෙරටත් වඩා බැරෑරුම් හඩකින් අසද්දී ශාන් යීබෝගේ කොපුලකට හාදුවක් තැබුවේය .. යීබෝ දෑස් හීනි කරද්දී ශාන් කතාව පටන්ගත්තේය ..
" මං එහෙ දවස් දෙකක් ඉදලා ගෙදර ආවට පස්සෙ මට unknown number එකකින් කෝල් එකක් ආවා...........බලද්දී ඒකි තමයි ....පස්සෙ මං ඒකිට කිව්වා මට කෙනෙක් ඉන්නවා කියලා ...."
එවරනම් යීබෝගේ මුහුණට සිනහවක් ආවේය ....
" හිනා නෙවෙයි චූටි ......ඔයා මට ආදරෙයි කියලා නොකියා හිටියත් මං ඔයාට ආදරේ කලා ඉතින්...."
යීබෝ අඩවන් දෙනෙතින් ශාන් දෙස ටිකවේලාවක් බලාගෙන හිද යලිත් ඒ දෙතොල් මතින් ඔහුගේ දෙතොල් තබාගත්තේය ....ඉතින් යලිත් ආදරණීය සිපගැනීමක් ......
" ඔන්න අවුරුදු දෙකකින් මම ආසම තැන නිදාගන්න යන්නෙ..."
යීබෝ ශාන්ගේ කමිසයේ බොත්තම් කිහිපයක් ගලවා පපුව පාදාගෙන ඒ මතින් මුහුණ තියාගත්තේය ....මුලින්ම ඒ උණුසුම් පපු මැදට හාදුවක් තබා ශාන්ගේ ඉනවටා අතක් දමාගත්තේය ...ශාන්ගේ පපුව පුරා පැතිරීගිය හිරියක් හදවතේ කොතනදෝ නවතිද්දී යීබෝගේ හිස්මුදුනට ආදරණීය හාදු ගණනාවක් පතිතවිය ...
ESTÁS LEYENDO
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfic❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...