📖️📖️ Back To School 📖️📖️ ...
" අවුරුදු කීයකට පස්සෙද ඔකූ අපි දෙන්නා මෙහෙම පාරෙ යන්න...'"
යීබෝ ශාන්ට තවත් ලංවෙමින් කියද්දී ශාන් සිනාසුනේය .... ඔවුන් මේ බස් එකට නඟින්නට හෝල්ට් එකට යන අතරයි ...ඉතින් යීබෝ වදනින් පවසනා අතීතය ශාන්ටත් සිහි නොවී තියේවිද ..... ජීවිතයේ පළවෙනි වතාවට බස් අත්දැකීම යීබෝ විදගත් අයුරු ශාන්ටත් සිහිවිය...
විනාඩි පහක් පමණ යනවිට නඟරයට යන්නට බස් රථයක් ආවේය ...ඉතින් දෙදෙනාම ඊට ගොඩවිය ..එහි එතරම් සෙනඟක් නොවූ අතර ආසන ඕනෑතරම් තිබුනි...
",අයිනට යන්න...."
එක් අසුනක් ලඟ දෙදෙනාම නවතිද්දී යීබෝ ශාන්ට ආසනයේ ජනේලය අයිනට යන්නට කීවේය ...ඉතින් මීට වසර කිහිපයකට පෙර සිදිවූයේ එහි අනෙක් පැත්ත නිසාම ශාන් යීබෝ දෙස දෑස්විසල් කර බැලුවේය ...යිබෝ ඇස්වලින් යන්න යැයි කියද්දී ශාන් ඉබේම ජනේලය අසලින් වාඩිවිය ....ඊලඟට යීබෝ ශාන් අසලින් වාඩිවිය...
" මුලින්ම ඕෆනේජ් එකට ගිහින් , ඊලඟට ඔයාගෙ යාලුවා හම්බවෙලා අපි බීච් එකට යමු...."
යීබෝ ඔවුන්ගේ ගමන සිදුවන ආකාරය විස්තර කරද්දී ශාන් නිහඩව හා යැයි කීවේය ... උදෑසන 10 ට පමණ ගමන පිටත් වෙන්නට හිතාගෙන හිටියත් ශාන් නිවසේ වැඩ කටයුතු අවසන් කර නොතිබුණු නිසාත් යීබෝට ඇමරිකාවේ මිතුරන්ගෙන් හා ඔහුගේ ප්‍රොෆෙසර් කෙනෙක් ගෙන් ඇමතුම් කිහිපයක් ලැබුණු නිසාත් දිවා ආහාරය නිවසින් අරගෙනම ගමන පිටත් වන්නට සිදුවිය....
" චූටි...."
ජනේලයෙන් පිටත බලාගෙන කල්පනාවක සිටි ශාන් ඔහුගේ අතේ යීබෝගේ අතක් පැටලෙද්දී තිගැස්සි ගියේය ...ඉතින් ශාන් ඉක්මනින් වටපිට බැලුවත් ඔවුන් කෙරෙහි අවදානය යොමුකරන්නට කිසිවෙකු නැතිබව දුටු නිසා නිහඩවිය ...
VOCÊ ESTÁ LENDO
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfic❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...