📖️📖️ Back To School 📖️📖️ ...........
" good morning ලමයි......"
ඉංග්‍රීසි කාලපරිච්ජේදයේ ශාන් පන්තියට පැමිණෙන තුරු බලාගෙන සිටි යීබෝගේ මුහුණ අදුරුවී ගියේ පැමිණි පුද්ගලයාගේ මුහුණ දුටු විටයි....
**
මිස්ටර් ලියන් ලයි තඩි බඩත් ඔසවාගෙන පන්තියට ආවේය ...... එක්වරම ළමුන් සියල්ලෝගේම මුහුණු හැකිලී ගියේය ...... යීබෝගේ නම් මුහුණේ ගන්නට දෙයක් නැත...... අඩන්නට බැරිකමට ඔහු දරාගෙන සිටින්නේය.....
",ගුඩ් මෝනින් කියන්න උඹලට පන නැද්ද....."
ශාන් සර් වෙනුවට ලියන් ලයි ගේ පැමිනීම නිසා වේදනාවෙන් සිටින ළමුන් හට ගුරුවරයාට ගුඩ්මෝර්නින් කියන්නත් අමතක වී තිබුනි....
", good morning සර්..."
" සර් හදිසියේ නිවාඩුවක් දාලා...... යීබෝ ..........මේ නෝට් එක බෝඩ් එකේ දානවා.......මේක තමුසෙට දෙන්න කියලා දුන්නේ......."
" ආ....................................."
ගෑණුළමයි ටික කෝපයෙන් යීබෝ දෙස බලද්දී යීබෝ නම් රටක් රාජ්‍යයක් හිමිවූ අයෙකු මෙන් පන්තිය ඉදිරියට ආවේය ... ශාන් එක්වරම නිවාඩු ගත්තේ මන්දැයි හිතේ කුතුහලයක් මෙන්ම වේදනාවක් තිබුනත් පන්තියේ හතලිස් අට දෙනාගෙන්ම තමන්ව තෝරාගැනීම ගැන යිබෝ ආඩම්බරයෙන් පසුවිය....
" එකෙක් වත් කෑගහන්නෑ හොදේ........ලියාගන්නවා......හෙලවිලා හරි තිබ්බොත් මං ගහනවා....."
යිබෝ දැන් නෝට් එක බෝඩ් එකේ දාන්නේය....ශාන්ගේ පොතක් තුල ඔහු නෝට් එක දමා එවා තිබූ අතර පොතේ පිටු අතර රෝසපාට පොඩි කොලයක් හතරට පහට නවා තිබුනි..... යීබෝ ළමුන්ට නොදැනෙන්නට එය කලිසම් සාක්කුවේ දමාගත්තේය ...
" ආ.......මේ තමුසෙ ශාන් සර් වෙන්න හදන්නෙපා හොදේ.......කියවන්න බැරිනම් මට දෙනවා මං කියවන්නම්..."
කැතී කෝපයෙන් කියද්දී යීබෝ ඇයටත් රවාගෙන වයිට් බෝඩ් එක ලඟට ගියේය....
ඉංග්‍රීසි පීරියඩ් දෙකම ආවරණය වන ලෙසින් නෝට් එක සහ පැවරුම් එවාතිබූ අතර ළමුන් සමඟ රණ්ඩු කරමින් කෙසේහෝ යීබෝ රාජකාරිය අකුරටම කලේය....ඉතින් අර ශාන් අද නොපැමිණීමේ වේදනාව කාල පරිච්ඡේද දෙකක් පුරාවට ඔහුට නොදැනුණේ ය...
YOU ARE READING
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...