22.. විසි දෙවැනි හැරවුම ...

2.1K 457 184
                                    

📖️📖️ Back To School 📖️📖️ ........

සෑහෙන වෙලාවකට පසු ශාන්ගේ තුරුලේ හිදගෙන ම යීබෝ හඩ අවදිකලේය ..

", බයිසිකලේ ගමනක් යං.........."

**

" කොහෙද දැන් යන්නෙ....."

ශාන් යීබෝගෙන් මිදී බීම වීදුරුවට වත්කරමින් ඇසුවේය ....

" හිස හැරුනු අත යමු ඔකූ......."

බීම වීදුරුවත් අතට රැගෙන කපටි හිනාවක් සමඟ යීබෝ කියද්දී ශාන් ඇස් දෙක හීනිකරමින් ඔහු දෙස බැලුවේය ....

" මට ආසයි ඔයාගෙ අතින් අල්ලගෙන පාලු ඉස්කෝලෙ වටේ ඇවිදින්න..."

යීබෝ ශාන්ගේ අතකින් අල්ලාගෙන කීවේය ....

" ඉතින් ඉස්කෝලෙ පටන්ගත්තහම හවසට ඉස්කෝලෙ ඇරුනම නතරවෙලා ඇවිදිමු......"

" අනේ........එහෙම නෙවෙයි ඔකූ.........අපි දෙන්නා තාප්පෙන් පැනලා යමුකො...."

ඇස් දෙකත් සිහින් කරමින් ශාන්ගේ අතේ එල්ලීගෙන යීබෝ දඟලද්දී ශාන් ඒ අත ගසා දමා ආලින්දයට ආවේය...

" කරොත් හොරවැඩක් තමයි .......එයා තාප්පෙන් පනිනවා මදිවට මේ ගුරුවරයෙක් වෙච්චි මාවත් පන්නන්න හදනවා....."

ශාන් යීබෝට බනිමින් ආලින්දයට ආවත් විනාඩි කිහිපයක් යනතුරු යීබෝ පැමිනියේ නැත..

" චූටි මෙහෙට එන්න......."

ඒත් සද්දයක් නැත.... ශාන්  අසුනෙන් නැඟිට යලිත් කිචන් එකට යද්දී බීම වීදුරුව මේසය මත ඇති අතර මුලුතැන්ගෙයින් එළියට යන් දොර අසල බිම වාඩිවී ශංකුවත් තුරුලු කරගෙන යීබෝ එළිය බලාගෙන සිටින්නෙය...

" චූටි ..........."

" එපා කතාකරන්න........මං ආසාවෙන් හිටියේ ඉස්සර ඔයා ඉගෙන ගත්ත පන්ති එහෙම බලන්න යන්න......ඕනෙ නෑ......මං නරකයිනේ..............මට මෙහෙම ඉන්න දෙන්න........"

ඔය ඉතින් තියෙන හිතුවක්කාර කම බව ශාන් හොදින්ම දන්නා නමුත් යීබෝ ඒ ලෙසින් වේදනාවෙන් සිටින විට ඔහුට අහක බලන්නට නොහැකිය...

" කෝ එන්නකො ඉතින්......."

ශානුත් එතැනින් වාඩිවුනේය ...යීබෝ අහකබලාගත්තේ ඔහුගේ කදුලු පිරුනු ඇස් ශාන් දකින්නට පෙරයි...නමුත් ශාන් ඒවා දැක අවසන් ය.......

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Where stories live. Discover now