01✍️

6.4K 489 280
                                    

ලීසා ඔම්මාආආආආආ

දෙයියනේ කොල්ලෝ... පොඩ්ඩක් හිමින් කෑගහන්න බැයිද.... මෙහෙම ගියොත් නම් ඉක්මනට මං බීරෙක් වෙනවා.. ඔව් !

ජන්කුක්ගෙ කෑගැහිල්ලට කුස්සියේ හිටපු ජන්කුක්ගෙ ලීසා ඔම්මා සාලෙට දුවන් ආවෙ එයත් ඒ වේගෙටම කෑගහන ගමන්. ජන්කුක්ව දැක්ක ලීසාගෙ අතේ තිබුන ඔම්ලට් දාන්න ගත්ත බිත්තර බාජනේ එහෙමම සාලෙ මැද බිම ඇතෑරුනා.. ලීසගෙ කටත් බාගෙට ඇරිලා !

එයාගෙ කට සද්දෙ අඩුයිනෙ.. හුහ්.. කටවහන්න ලීසා ඔම්මා බ්‍රේක් නැති මැස්සො රිංගයි

මුල ටික එයාටම කියාගත්ත ජන්කුක් පඩිපෙලේ ඉතුරු ටිකත් බැහැගෙන ඇවිත් ලීසාගෙ නිකටෙන් උස්සලා කට වැහුවම තමයි ලීසා ආයෙත් පියවි සිහියට ආවෙ.

කොහෙ යන්න ද මගෙ පැටියා මේ ලෑස්ති උනේ.. ඔම්මට කිව්වෙවත් නෑනෙ

ජන්කුක්ගෙ පෙනුම දිහා තාමත් ශොක් වෙලා බලන් ඉන්න ගමන් ලීසා ඇහුවම ජන්කුක් අතේ තියෙන එයාගෙ කොලිෆිකේශන් ෆයිල් එක ලීසාට පේන්න සතුටින් උඩට ඉස්සුවා..

ඉන්ටර්වීව්ව්ව්ව්ව්ව්ව්!

ජන්කුක් කිව්වෙ හා පැටියෙක් වගේ උඩ පැන පැන. ඔව්! ලීසා බලාගෙන හිටියෙ හරියටම අවුරුද්දකට පස්සෙ දකින ෆුල් සූට් ඇදපු ජන්කුක්ගෙ රූපෙන් පුදුම වෙලා.. නැත්තම් වශී වෙලා. ලීසාගෙ කොලු පැටියා ඒ තරම් ලස්සනයි !

එතකොට ජන්කුක්.. එයාට මතක හැටියට එයා මෙහෙම ඇදුමක් ඇන්දෙ අවුරුද්දකට පස්සේ.. ඇන්දට පස්සේ එයාට එයාගෙම පෙනුම ගැන පුදුම හිතුනා..

හොට් ඇන්ඩ් සෙක්සි !

කණ්නාඩියෙන් පේන එයාගෙ ප්‍රතිබිම්බය දිහා බලාගෙන එයා ගැනම ආඩම්බරෙන් එහෙම හිතලා තමයි එයා දැන් ඔය ලීසට කෑගගහා පහලට දුවන් ආවෙ.

මොන ඉන්ටර්වීව්? කවද්ද හොයාගත්තෙ.. ඇයි කිව්වෙ නැත්තෙ

අයියෝ ලීසා ඔම්මා.. මාලු අල්ලන්න ඉන්ටර්වීව් යන්නෙ නෑ නෙ.. මං යන්නෙ ජොබ් එකකට ඉන්ටර්වීව්.. අනික හම්බුනේ ඊයෙ රෑ.. කියන්න වෙලාවක් තිබුනෙ නෑ ඉතිම්. හිහි

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now