30✍️

1.9K 360 222
                                    

Welcome to the real Jeon Industry පුතා !!
ආසියාවෙ ලොකුම  සහ හොඳම weapon factory එකට සාදරයෙන් පිලිගන්නවා....

කියපු වූබින් ලිෆ්ට් එකෙන් එලියට අඩිය තිබ්බේ ලී පෙට්ටි එකමත එක අඩුක් කරපු විශාල ට්‍රොලි තල්ලු කරගෙන එහෙ මෙහෙ ගෙනියන මිනිස්සු ඉන්න බේස්මන්ට් එකකට.

ඔව් !! වූබින් කිව්වා වගේම ඒ ඝනකම ලී පෙට්ටි වල තිබුනෙ ගන්ස්.. තව විවිධ වර්ගයේ ආයුදත් ඒ අතර තිබුනු බව ටේහ්‍යුන්ට තේරුනේ පෙට්ටියෙන් පිටත මුද්‍රණය කරලා තියෙන රූප සටහන් වලින්.. නමුත් බොහෝමයක් බහාලන වල තිබුනෙ තුවක්කු.. ඒකත් එක වර්ගයේ නෙවෙයි. එක එක වර්ගයේ. කුඩාම ප්‍රමාණයෙ ඉදන් විශාලම ප්‍රමාණය වෙනකන්.

ඒ කොටු හැඩැති බේස්මන්ට් එකෙන් එහාට තිබුනෙ හතර දිශාවට යොමු වුනු වැහුනු යකඩ දොරවල් 4ක්. බැලු බැල්මට ඇගිලි සලකුණු වලින් ඇරෙන වැහෙන විදියට හදලා තිබුනු ඒ විසල් දොරවල් ඇරෙන පාටක් වත් පේන්න තිබුනෙ නෑ..

ටේහ්‍යුන්ගෙ අනුමානය නිවැරදියි නම් එයාලා මේ ඉන්නෙ උඩින් පෙනුන බිල්ඩින් එකේ මැද.. මොකද එයාලා ආව ලිෆ්ට් එක තිබුනෙ මැද හරියක.

ඉතින් පුතා.. මොකද හිතන්නේ ??

ඇස් දෙක තාමත් ලොකු කරගෙන පේන තෙක් මානෙ තියෙන ඇස් අදහන්න බැරි දසුන දිහා නිහඬවම බලාගෙන හිටපු ටේහ්‍යුන් තමන්ගෙ බාගෙට ඇරිලා තිබුන කටත් හරියට වහගනිමින් පියවි සිහියට ආවෙ කන ලඟම ඇහුනු වූබින්ගෙ හඩින්..

අ.. අප්පා...

මොකෝ දරුවෝ.. පුදුමයිද ?? මං පුතාට කිව්වනේ.. ජන්කුක්ට ඕනි නම් කොරියාවම සල්ලි වලට අරන් දෙන්න උනත් මගෙ ලග සල්ලි තියෙනවා කියල..

කිව්ව වූබින් වටපිටාවට ඇස් යොමු කරමින් අඩි කිහිපයක් ඉදිරියට ඇදෙද්දි තාමත් පුදුමෙන් ඉන්න ටේහ්‍යුනුත් වූබින් පස්සෙන් අඩි කිහිපයක් ඉස්සරහට තිබ්බා..

ඒත්.. අප්පා මේක ලීගල්ද ??

මොනවද මේ අහන්නෙ ටේ.. ඔයා මේ අහිංසක අප්පව අපරාධකාරයෙක් කරන්න හිතුවෙ කොහොමද ආ ?? ඇත්තටම මං මේක කරන්නේ නීත්‍යානුකූලව දරුවෝ...

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now