20✍️

1.8K 371 118
                                    

ජන්කුක් , ජිමින් , ටේහ්‍යුන් , යුන්ගි... හතරදෙනාම හිටියෙ යුන්ගිගෙ කාර් එකේ.. යුන්ගි ඩ්‍රයිවින් සීට් එකෙත් ටේහ්‍යුන් පැසෙන්ජර් සීට් එකෙත් ඉදගෙන ඉද්දි ජන්කුක් ජිමින් දෙන්නා පිටිපස්සෙන් වාඩි වෙලා හිටියා...

යුනිවර්සිටි කාර් පාර්ක් එකෙන් වාහනේ එලියට ගත්තත් හරි වාහනේ ඇතුලෙ තිබුනෙ ලොකු නිහැඬියාවක්... ඒකට හේතුව උනේ ටේහ්‍යුන් !

වාහනේට නැග්ග වෙලාවෙ ඉදන්ම ටේහ්‍යුන් කලේ ශටර් එකෙන් ඔහේ එලිය බලාගෙන කම්මුලට අතකුත් තියාගෙන කල්පනා කරන එක.. ජන්කුක්ට මේ විදියට නිහඬව ඉදලා පුරුදු නැති උනත් එයාගෙ හැන්ඩ්සම් හියුන්ගි ඉන්නෙ දුකින් කියල තේරුනු නිසාම ජන්කුක් අමාරුවෙන් වගේ කට පියාගෙන දඟලන්නෙ නැතුව ඉන්න උත්සාහ කලා..

විනාඩි පහක් වගේ කාලයක් ඔහොම ගෙවුනත් ජිමින් තීරණේ කලා නිහැඬියාවට තිත තියන්න !

ටේ...

හ්ම්ම්... කියන්න ජිමිනා !!

මොනාද ඔය තරමට කල්පනා කරන්නේ ??

මුකුත් නෑ බං.. ඔලුව රිදෙනව මගේ...

ටේහ්‍යුන් කියන්නෙ බොරු.. ඒක තේරුම් ගන්න බැරි නම් ජිමින් ටේහ්‍යුන් එක්ක අවුරුදු 4ක් තිස්සේ ලගින්ම ඉන්න එකෙනුත් තේරුමක් නැති වෙනවා.. ටේහ්‍යුන්ට ඔලුව කැක්කුමක් ඇති ! ඒත් කල්පනා කරන්නෙ නෑ කිව්වේ බොරුවක්.

ටේ... කාටද උඹ ඔය බොරු කියන්නේ ??

ජිමින් ආයෙම ඇහුවත් ටේහ්‍යුන් කලේ ලොකු හුස්මක් පිටකරලා නිහඬ උන එක විතරයි..

ටේ කියනවා නම් මුකුත් නෑ කියල කරදර කරන්න එපා ජිමින්..

නෑ යුන්ගි... මූට මෙහෙම හැමදාම අර උඩැක්කිය හින්දා විදවන්න දෙන්න බෑ.. මට ඒක බලාගෙන ඉන්න බෑ.. දැක්කේ නැද්ද අදත් මූට කතා කරපු හැටි.. හැදියාවක් නැති අම්මණ්ඩි !!

ජිමින් කේන්තියෙන් ලීනාට බනින්න ගත්තම නිරායාසයෙන්ම ටේහ්‍යුන්ගෙ ඇස් ජිමින් දිහාවට යොමු උනා..

ජිමින් !!!

ටේහ්‍යුන් කතා කලේ කේන්ති ගිහින් වගේ.. ඇත්තටම ටේහ්‍යුන් ලීනාට කවුරුත් බනිනවට කැමති උනේ නෑ !! ලීනා කොහොම එයාට සැලකුවත් !

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now