කලින් දවසෙ හවස වූබින්ගෙන් සමු අරන් ගෙදර ආව ජන්කුක් ටේහ්යුන් දෙන්නා වූබින් හදලා ෆ්රිජ් එකට දාලා ආව කෑමත් රත් කරලා කාලා ටිකක් වෙලා දෙන්නම එක්ක ටීවිත් බලලා නිදාගන්න ආවා. ජන්කුක් ජන්කුක්ගෙ රූම් එකේ නිදාගද්දි ටේහ්යුන් හිටියෙ කලින් දවසකත් එයා නිදාගත්තු ගෙස්ට් රූම් එකේ.
පහුවදා ජන්කුක්ට ඇහැරෙද්දි ඉර අහසෙ මුදුන් වෙන්නත් ඔන්න මෙන්න.. ජන්කුක් කියන්නෙ උදේට නැගිටින්න පුදුම කම්මැලියෙක්.. එච්චර වෙලා නිදාගෙනත් අමාරුවෙන් ඇස් ඇරපු ජන්කුක් ඉස්සෙල්ලම කලේ කොට්ටෙ යට තිබුනු එයාගෙ ෆෝන් එක අතට අරන් වෙලාව බලන එක..
උදේ 10යි 20යි.. ජන්කුක්ට පුදුමයි.. මොකද වූබින් සාමාන්යයෙන් මේ වෙද්දි ජන්කුක්ව ඇහැරවන්න විසි ගමනක් නම් ජන්කුක්ගෙ රූම් එකට ඇවිත් ගිහින්.. එවුනාට අද එහෙම නෑ.. ඒත් එක්කම,,
ඔම්මාහ්හ්හ්හ්හ්
ජන්කුක්ට ඉබේම කෑගැස්සුනේ කලින් දවසෙ උනු සිද්දිය මතක් වෙලා.. ඒ.. ඒ කියන්න දැන් ගෙදර ඉන්නේ වූබින් නෙවෙයි ටේහ්යුන්..
ඒ පිම්මට ඇදෙන් බිමට පැන්න ජන්කුක් රෑට ඇදපු පිජාමා එක පිටින්ම ටේහ්යුන්ගෙ කාමරේට දිව්වේ ටේහ්යුන් කෝ කියල බලන්න..
ඒත්,, උහුම්... ටේහ්යුන් රූම් එකේ නෑ.. ඇදත් පිලිවෙලට අස් කරලා. උඩ තට්ටුවේම ටේහ්යුන්ව හොයපු ජන්කුක් එයාගෙ බෝල නහයට අමුතු සුවදක් ආවායින් එක පිම්මෙ දුවන් ගිහින් කුස්සියේ උලුවස්ස උඩ නැවතුනා..
කිචන් එකට වෙලා උදේ කෑම හද හද හිටපු ටේහ්යුන් ජන්කුක්ගෙ හදිසි කඩාපැනීමෙන් ගැස්සිලා ගිහින් තව ඩිංගෙන් අතත් පුච්චගෙන තමයි නවතින්නේ..
ඒක තමයි ජන්කුක්ට දැනුනු සුවද.. ටේහ්යුන් කෑම හදන එක..
ජන්කුක් හිනාවේගෙන ටේහ්යුන් දිහා බලන් ඉද්දි ආපිට හුරතලේ එක්ක හිනාවුනු ටේහ්යුන්,,
ගුඩ්මෝනින් බේබි... නැගිට්ටද...
ගුම්මෝනිම් හියුන්ගී !! මොනාද හදන්නේ ?
මොකෝ බඩගිනියිද.. බඩගිනි නම් දුවන් ගිහින් මූන සෝදන් එන්න.. එතකොට කන්න පුලුවන්..