08✍️

2K 399 244
                                    

වෙලාව පාන්දර 2 පහු කරමින් තිබුනා.. ටේහ්‍යුන් වගේම ජන්කුක් හිටියෙ තද නින්දෙ. ඒ වගේම එකම ඇදේ!

ටික වෙලාවකට කලින් ටේහ්‍යුන්ගෙන් එල්ල උන තර්ජනාත්මක වචනත් එක්ක තවත් තප්පරයක් වත් පරක්කු නොකර couch එකෙන් නැගිට්ට ජන්කුක් කොට්ටෙයි බ්ලැන්කට් එකයිත් අරගෙන දඩිබිඩියේ දුවගෙන ගිහින් ඇදෙන් හාන්සි උනා. මොකද ජන්කුක්ට ඕනි උනේ නෑ ටවල් එකක් විතරක් ඇගේ පටලවගත්ත එයාගෙ බොස් එයාව උස්සගන්නවා දකින්න.. මොකටද නිකන් අවදානමක් ගන්නෙ නේද !!

ඇදට වැටුන හැටියෙ ජන්කුක් බ්ලැන්කට් එක ඔලුව ඉදන් පෙරවගත්තා.. මේ හුරතල් වැඩ දිහා බලාගෙන හිනාවුන ටේහ්‍යුන් සැහැල්ලු කලිසමක් ඇදගෙන ඇවිත් ජන්කුක්ට එහායින් ඇදේ ඇලවුනේ බර හුස්මක් පිට කරන ගමන් !

කවදා මේ දේවල් විසදෙයිද ??

හොඳයි !! ඇයි ජන්කුක්ට ටේහ්‍යුන් හිනාවෙන හැම වෙලාවක්ම මගහැරෙන්නේ ??
එයා ඒ හිනාව දකින්න එච්චර ආසාවෙන් ඉද්දිත් !!

සමහරවිට ටේහ්‍යුන් හිනාවෙන්නෙ ජන්කුක්ට නොපෙනෙන වෙලාවල්වලට විතරක් වෙන්න ඇති....

කොහොම උනත් අන්තිමේ දෙන්නම මහන්සි දවසක අවසානෙ තද නින්දකට වැටුනා... ටේහ්‍යුන් ලග ටේහ්‍යුන්ගෙ එහා පැත්තේ ඉන්නකොට එයාට නින්දයයිද කියන එක ගැන ජන්කුක්ට ප්‍රශ්නයක් ආවාත් දවසම මහන්සි උන නිසා කොල්ලා හිතුවටත් වඩා කලින් ගොර අදින්න පටන් ගත්තා..

ඔහ් !! එයා නින්දෙන් ගොරවද්දිත් ගොඩක් හුරතල් කියල මං ඔයාලට කිව්වද ??

පාන්දර 2 පහුවෙලා ටික වෙලාවකින් පුන්චි කෙඳිරිලි සද්දෙකින් ටේහ්‍යුන්ගෙ නින්දට බාදා උනත් ගොඩක් නිදිමතේ හිටපු ටේහ්‍යුන් කොට්ටෙන් කන වහගෙන අනිත් පැත්ත හැරුනා.. ඒත් හැරුනට වඩා වේගෙන් ආයෙම හිටපු පැත්තටම හැරුනේ එයාගෙ ලග ඉන්නෙ කවුද කියල ටේහ්‍යුන්ට මතක් උන නිසා..

ඉක්මනින් ඇස් දෙක ඇරිය ටේහ්‍යුන් අත ලඟම තිබුන ටේබල් ලෑම්ප් එක ඔන් කලා.. එයාට ඇහුන පුන්චි කෙඳිරිල්ල ටික ටික ලොකු හැඬුමකට පරිවර්තනය වෙමින් තිබුනේ..

ටේබල් ලෑම්ප් එකෙන් විහිදුන පුන්චි එලියෙන් ටේහ්‍යුන් දැක්කේ එයාගෙ එහා පැත්තෙන් නිදාගෙන ඉන්න ජන්කුක්ගෙ ඇස් අගින් කඳුලු බිංදු බේරෙනවා.. ටේහ්‍යුන් කලබල උනා.. ගොඩක් කලබල උනා !!

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now