34✍️

1.7K 354 194
                                    

ටේහ්‍යුන්ගෙ ඔෆිස් රූම් එක ඇතුලෙදි ජන්කුක්ට සිහිය නැති වෙලා ගෙවෙන තුන්වෙනි දවස !!

ජන්කුක් වැටෙනවත් එක්කම එයාගෙ ඇගේ එල්ලිලා හිටපු ජූලියාව පැත්තකට තල්ලු කරපු ටේහ්‍යුන් හුරතලේ වැටිලා ඔලුව වද්දගන්න කලින් පරිස්සමෙන් අල්ලගත්තා. එහෙමම ටේහ්‍යුන් ආවෙ ජින් ලඟට.

ඒ වෙලාවෙ ඉදන් රැයවල් දෙකක් ගෙවෙනකනුත් ටේහ්‍යුන් ජන්කුක්ගෙ ලඟින් හෙලවුනේ නෑ. ලීසා, යුන්ගි, ජිමින් කොයිතරම් ජන්කුක් ලඟ නතරවෙන්න උත්සාහ කලත්,,
ටේහ්‍යුන්ගෙන් ඒකට ඉඩක් ලැබුනෙ නෑ.
ටේහ්‍යුන්ගෙ රෝස මල ඇහැරෙන වෙලාවට ටේහ්‍යුන් එයා ලඟ ඉන්න ඕනිනෙ !

ජන්කුක්ගෙ ඇදලඟ තියාගත්ත පුටුවකට වෙලා හැමෝටම හොරෙන් කඳුලු හලමින් හිටපු ටේහ්‍යුන්ගෙ ඇස් වලට පැය 48කටත් වඩා වැඩි කාලෙකින් හරි නින්දක් තිබුනෙ නෑ. බඩට හරි කෑමක් වැටුනෙ නෑ. තමන්ගෙ හුස්ම ඇදක් උඩ සිහි නැතුව සේලයින් වලින් විතරක් ජීවත් වෙද්දි ටේහ්‍යුන් කොහෙද හිත හදාගෙන කෑම කන්නේ ??

බැරිම තැන ටේහ්‍යුන්ගෙ ගෙදර,, තව විදියකින් කිව්වොත් දැන් ටේහ්‍යුන් තනියෙන් ජීවත් වෙන ඉස්සර ඒ පුන්චි පවුලෙ ලස්සන මතක ගොඩක් පිරිලා තිබුනු ඒ ගෙදරට ගිය යුන්ගි ටේහ්‍යුන්ගෙ ඇදුම් කීපයක් අරගෙන ආවෙ අඩුම ටේහ්‍යුන්ට පිරිසිදු වෙන්න හරි පහසු වෙන්න.

ඔය විදියට නින්දක් වත් නැතුව ගෙවුන පැය 48කට පස්සේ ජන්කුක්ගෙ ඇද ලඟ පුටුවකට වෙලා ඇදටම ඔලුව ටිකක් තියාගෙන හිටපු ටේහ්‍යුන්ට නොදැනිම නින්ද ගියා. ඒත් ඒ අතක් අස්සේ හිරවෙලා තියෙන ජන්කුක්ගෙ සුමුදු අත ටේහ්‍යුන්ගෙ ග්‍රහනයෙන් කොයිවෙලාවක වත් ගැලවුන්නේ නම් නෑ.

නින්දත් නොනින්දත් අතර හිටපු ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරුනේ ජන්කුක්ගෙ ඇගිලි එයාගෙ ඇගිලි අතරෙ තද වෙනවා වගේ දැනෙන හැඟීමට. ඇත්තටම එයා හරි. ඇස් දෙක ඇරලා බලපු ටේහ්‍යුන්ගෙ පපුව හීතල වෙලා ගියා..

ජන්කුක් නින්දෙන්ම අඩනවා. මේ ඇයි කියන්න ටේහ්‍යුන් දන්නවා. ජන්කුක්ගෙ මතකෙ ආයෙමත් එයාට ලැබිලා !!
ටේහ්‍යුන්ගෙ හිතට එක පැත්තකින් සතුටක් වගේම තවත් පැත්තකින් කියාගන්න නොතේරෙන විදියෙ දුකක් දැනෙන්න ගත්තා. ජන්කුක් දැන් කොහොම හැසිරෙයිද !!
තමන්ගෙ අප්පා එයාට මතකෙ අහිමි උන ඇක්සිඩන්ට් එකෙන් මේ ලොකෙන් යන්නම ගියා කියන එක ජන්කුක් මේ වෙද්දිත් දැනගෙන හිටියා. ඒත් අප්පා ගැන කිසිම මතකයක් නොතිබුන නිසා හුරතලේට ඒක ලොකු දුකක් උනේ නෑ..
ඇත්ත නොදැන හිටියත් ජන්කුක්ට දැනුනු එකම දේ උනේ හියුන්ගි වගේම එයාගෙ අප්පා නැතුව ඒ හිතට දැනුන ලොකු හිස්බව විතරයි.

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now