එ..එතකොට.. ඇත්තටම මට හියුන්ගි කියන්න පුලුවන් ද ?
හ්ම්ම්... ජන්කුක් කැමති නම් විතරක් !
මං කැමතියි..
ඉක්මනින් එහෙම කියමින් සතුට ඔලුව වැනුව ජන්කුක් ඊලගට කරපු දේ ටේහ්යුන් තියා අඩුම ජන්කුක් වත් බලාපොරොත්තු නොවුන දෙයක් !
එයාගෙ සීට් එකේ ඉදන් ටේහ්යුන්ගෙ සීට් එක පැත්තට නැවුන ජන්කුක් දෙපාරක් නොහිතාම ඒ සිනිදු අත් දෙක ටේහ්යුන්ගෙ බෙල්ල වටේ පටලවගත්තා.. එහෙමම ඒ පුලුල් පපුවට ඔලුව බරකරගත්ත ජන්කුක්ගෙ ඇස් දෙකත් ඉබේම පියවෙලා ගියේ ටේහ්යුන්ගෙ පපුවෙන් දැනුන උණුහුමට.. ඒ සැනසීමට.. ජන්කුක්ටත් හොරා ජන්කුක්ගෙ අත් දෙක තවත් ඒ බෙල්ල වටේ එයාගෙ ග්රහණය තද කරගෙන..
ඒත් ටේහ්යුන් !
ටේහ්යුන්ගෙ අත් දෙක නිකන්ම පහලට වැටිලා තිබුනා.
නිතරම හීන් වෙලා තියෙන තියුණු දෑස් විසල් වෙලා දිලිසුනේ සමහරවිට ඒ ඇස් වලට උනපු හිතුවක්කාර කඳුලු නිසා වෙන්න ඇති.
ටේහ්යුන්ට දැනුනේ එයා වෙව්ලනවා වගේ හැඟීමක්.. කොයිම තප්පරේක හරි ජන්කුක්වත් ඇදගෙන එයා වැටුනත් ටේහ්යුන් මේ වෙලාවෙ ඒ ගැන පුදුම වෙන එකක් නෑ..හිත කිව්වත් ඒ හීන් ඉන අත් දෙකෙන් හයියෙන් අල්ලගන්න කියලා,, ටේහ්යුන් එහෙමම බලාගෙන හිටියා..
ඒ හුරතලේ තව තව එයාගෙ පපුවට තුරුල් වෙද්දි ටේහ්යුන් කොහොමද ඉවසන්නේ... ඒත් එයාට ඉවසන්න වෙනවා.. ඉතින් එයා ඔහේ ඉස්සරහ බලාගෙන ජන්කුක්ට ඕනි දෙයක් කරගන්න ඉඩ දුන්නා.
ම්.මට ටිකක් මෙහෙම ඉන්න දෙනවද
ජන්කුක් ටිකක් බයෙන් බයෙන් කතා කලා. මොකද පිස්සෙක් වගේ එකපාරම ඇගට පැනලා බදාගත්තට ටේහ්යුන් එයාට බනියිද කියල ජන්කුක් බය උනා. අනික ටේහ්යුන් අඩුම එයාව ආපිට ඇල්ලුවෙවත් නෑ. එයාවත් නොහිතා ඒ දේ සිද්ද උනත්, ඒ දැනුන සැනසීම නිසාම ජන්කුක්ට හිතුන් නෑ මෙච්චර ඉක්මනින් ඒ පපුවෙන් ඈත් වෙන්න.. ඉතින් ඒකයි ජන්කුක් ටේහ්යුන්ට එහෙම කිව්වේ..
ඒත් ඒ ලාවට වෙව්ලන කටහඩ ටේහ්යුන්ගෙ ඉවසීමේ සිමාව රතු ඉරෙනුත් එහාට පැන්නුවේ ඉබේම ඒ ශක්තිමත් අත් දෙක ජන්කුක්ගෙ හීන් ඉන තදින් ඩැහැගද්දි.