07✍️

2K 399 156
                                    

තවුසේ......!?!?!?

ජන්කුක්ගෙ අතේ තිබුන එයා ආසාවෙන් ගත්ත සේරම කෑම ටික දාපු බෑග් එක දැන් තිබුනෙ එයාගෙ කකුල් දෙක පාමුල.. කලබල උන පාරට ජන්කුක්ගෙ අතින් ඒක බිම වැටුනා..

අයිස්කොෆි කප් දෙකම වැටුන පාරට පුපුරලා ටයිල් පොලොව දිගේ කෝපි ගලාගෙන යද්දි බොක්ස් එකෙන් එලියට ආව චොකලට් පිරිනු ඩෝනට් හතරක් රෝල් වෙලා හතර පැත්තට ගිහින් වැටුනා.. ඉතුරු ටික නම් ජන්කුක්ගෙ කකුල් දෙක පාමුල..

කැෆේ එකේ හිටපු ගර්ලුත් එකපාර ජන්කුක්ට උනු දෙයින් පුදුම වෙලා බලාගෙන හිටියා...

ඒත් ජන්කුක්ගෙ බැල්ම නම් තිබුනේ එයාට ලඟම ටේබල් එකේ සැපපහසුවට ඉදගෙන කැපචිනෝ එකක් තොල ගාන හුරුපුරුදු රූපෙ දිහාවට.. පෙනුනු හැටියට ඒ කෙනා පියවි සිහියට ආවෙ ජන්කුක්ගෙ හඩින්.. මොකද එයා ජන්කුක්ව දැකලා ටිකක් පුදුම උනා. ඒත් ඒ කටකොනේ තිබුනෙ බලන්න ආස හිතෙන දඟකාර හිනාවක් !

ඔහ් බේබි... !!

ඔව් ! ඒ හිටියෙ ටේහ්‍යුන් නොවෙන ටේහ්‍යුන්.. ටේහ්‍යුන්ගෙ ෆැශන් වලින් පිට ඇදලා හිටපු තනි කලු ඇදුමත්, ලාවට කැරලි ගැහුනු කොන්ඩෙත්, කොලපාට ඇස් දෙකත් නිසා ඒ කවුද කියල අදුරගන්න ජන්කුක්ට අමාරු උනේ නෑ.

කොහොම උනත් අද වෙනකන්,, මේ දැන් වෙනකන් ජන්කුක්ට මේ ඩුප්ලිකේට් ටේහ්‍යුන්ව අමතක වෙලා තිබුනා.. එයාගෙ හිතේ හිටියේ එයාගෙ සැර බොස්... මිස්ට කිම් විතරයි !!

ඔහේ මගෙ පස්සෙන් එනවද ??

ජන්කුක්ගෙ හිතට ආව පලවෙනි ප්‍රශ්නෙ ඒ විදියට ඒ හුරතල් පාට තොල් වලින් පිට පැන්නේ ටේහ්‍යුන්ව... සමාවෙන්න!! ඩුප්ලිකේට් ටේහ්‍යුන්ව හිනස්සවමින්.

බේබී... බේබි.... වට් අ නයිස් ජෝක් ම්ම්ම් !!
බලන්න කවුද මෙතනට මුලින් ඇවිත් තියෙන්නෙ කියලා...

ඒකත් ඇත්ත.. ජන්කුක්ට දැනුනෙ ලැජ්ජාවක්.. ජන්කුක් එතනට එන්න කලිනුයි ඒ කෙනා ඇවිත් තියෙන්නේ.. එයා ඇතුලට එද්දි එලියෙ නවත්තලා තිබුන බයික් එකට ගැලපෙන හෙල්මට් එකක් ටේහ්‍යුන් හිටි ටේබල් එක උඩ තියලා තිබුනා..

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now