33✍️

1.9K 353 287
                                    

අප්පා මේ දොර අරින්නකෝ

බෑ බෑ ඔහොම ඉන්න තව චුට්ටක්.. හියුන්ගි දැන් ගෙදරින් යයි. එතකොට දොර අරින්නම්.

අනේ හියුන්ගි යන්න කලින් බලන්න ඕනි මට..

නෑ නෑ හියුන්ගි බලන්න බැරියෑ චර්ච් එකේදි. ඔහොම ඉන්න ටිකක්.. අනික බඳින්න කලින් මනමාලයව බලන්න හොද නෑ හුම් !

දුශ්ට අප්පා හුම්..

ජන්කුක්ව දාලා වහලා හිටිය රූම් එක ඇතුලෙ ඉදන් තොල් දෙක උල් කරගත්ත ජන්කුක් අත්දෙක පපුව හරහට තියලා බැදගත්තා. පුතාගෙම අප්පා වුනු වූබිනුත් දොරෙන් එලියෙ ඉදන් රවාගත්තම මේ දිහා පැත්තක ඉදන් බලාගෙන හිටපු ලීසාට හිනා යන්න ආවත් එයා ඒක අමාරුවෙන් පාලනේ කරගත්තා.

එතකොට දැන් මොකක්ද මේ මෙතන වෙන්නේ ??
ඔව්.. ඔයාලා හිතුවා වගේම මේ තමයි එයාලගෙ වෙඩින් එක දවස. ජන්කුක්ගෙ වගේම ටේහ්‍යුන්ගෙත් වූබින්ගෙත් ජීවත වල ඉරණම වෙනස් කරපු ඒ අඳුරු දවස. දෛවය තමන් වෙනුවෙන් මොන මොන සැලසුම් හදාගෙන බලාගෙන ඉන්නවද කියල නොදැන හිටපු අප්පා පුතා හැමෝම ගොඩක් සතුටින් ඒ දවස පටන් ගත්තා.

ජන්කුක් graduate වෙලා අදට හරියටම සතියයි. වූබින්ට ඕනි උනේ ඉක්මනින්ම ජන්කුක්ව ටේහ්‍යුන්ට බාරදීලා ඒ දෙන්නව පරිස්සම් ඇති රටකට පිට කරන්න. වූබින් ඒකට හැමදෙයක්ම ලෑස්ති කලා. ටේහ්‍යුන්ට පවා හොරෙන්... පුන්චි හිත් වලට පොඩි වයසෙදිම බරක් දෙන්න වූබින් අකමැති උනා.

ඉතින් අනතුරක් අත ලඟ බව වූබින් සමහරවිට දැනගෙන ඉන්න ඇති...
ඒත් ඒ අනතුර මෙච්චර ලඟ කියල වූබින් දැනන් හිටියා නම් !! සිද්ද වෙන්න යන දේවල් ඒ විදියට සිද්ද නොවී තියෙන්න ඉඩ තිබුනා.

දෛවයට හරස් වෙන්න අපි කවුද ??

දෙයියනේ !!

අත්දෙක බැදගෙන බොරුවට බුම්මගෙන හිටපු වූබින්ගෙ ඇස් දෙක ලොකුවෙලා ගියේ ලෑස්ති වෙලා රූම් එකෙන් එලියට ආව ටේහ්‍යුන් නිසා.

තනි සුදු ඇදුමක් ඇදගෙන හිටපු ටේහ්‍යුන්ගෙන් පෙනුනෙ කවදාවත් වූබින් දැකලා නැති විදියෙ ලස්සනක්.. ඇත්තටම ටේහ්‍යුන් පුදුම තරම් කඩවසම්. කොන්ඩෙත් ජෙල් කරලා උඩට හදලා තිබුනු නිසා ඒ කඩවසම් බවටම මුහු උනු සරාගි පෙනුමකුත් ටේහ්‍යුන්ගෙන් අඩු නැතුවම දිස්වුනා.

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now