10✍️

2.2K 414 257
                                    

ඔහ්... අම්... හායි !!

බලාපොරොත්තු නොවුන විදියට සාලෙ තිබුන සෝෆාවක ඉදගෙන හිටපු අමුත්තෝ දෙන්නා දැකලා nervous හිනාවක් දාපු ජන්කුක් බාගෙට අතත් උස්සගෙන ඒක ඒ දෙන්නටම පේන විදියටම වැනුවා..

අමුත්තෝ දෙන්නම හිටියෙ යුන්ගිත් එක්ක බර කතාවක.. ඒත් ජන්කුක්ගෙ ආගමනයත් එක්ක ඒ තුන් දෙනා කරමින් හිටිය වැදගත් කතාබහට තිත තියවුනා.. දැන් හැමෝගෙම ඇස් තිබුනෙ මේ දැන් නින්දෙන් නැගිටලා කොන්ඩෙත් කපුටු කූඩුවක් වගේ අවුස්සගෙන හිටිය හා දත් දෙක වි‍රිත්තමින් අතක් වනමින් ඉන්න ජන්කුක්ගෙ දිහාවට.

ආ සුදු බබා.. ඇවිත් ඉදගන්න..

හිනාවෙලා එහෙම කිව්ව යුන්ගි ටේහ්‍යුන්ගෙ එහා පැත්තෙ තිබුන හිස් ඉඩ ජන්කුක්ට පෙන්නද්දි හිත ඇතුලෙන් උඩ පැනපු ජන්කුක් ඉක්මනට ඇවිත් ටේහ්‍යුන්ගෙ ලගින්ම වාඩි උනා. 

මිස්ට කිම් ගොඩක් වෙලාද ඇවිත් ?

නෑ ජන්කුක්.. දැන් ටිකකට කලින් ආවෙ...

ටේයි ජිමිනුයි ඇවිත් දැන් ටිකක් වෙලා.. මං ඔයාට ඇහැරවන්න හදලත් ඇහැරෙව්වෙ නෑ.. ඇරත් ටේ කිව්වා ඔයා නිදි නම් කරදර කරන්න එපා කියලා.

ජන්කුක්ගෙ ප්‍රශ්නෙට ටේහ්‍යුන් වගේම යුන්ගිත් උත්තර දුන්නේ ඒ විදියට.. ඔය අතරෙ ජන්කුක්ගෙ ඇස් දෙක සාලෙ බිත්තියේ එල්ලලා තියෙන ලොකු ඔරලෝසුවේ කටු දිහාවට ඇදුනා.. පොඩි කටුව හත චුට්ටක් පහු කරලා තියෙද්දි ලොකු කටුව තිබුනෙ හතරෙ ඉලක්කම ලග. ඒ කියන්නෙ වෙලාව රෑ හතහමාරට කිට්ටුයි..

ජිමිනි හියුන්ග් අද නතරවෙනවා ඇතිනෙ ?

ජන්කුක් ඒ ඇහුවේ වෙනදා පුරුද්ද නිසා.. යුන්ගි ගෙදර ඉන්න දවසට මේ වගේ වෙලාවක ජිමින් ආවොත් අනිවාර්යයෙන්ම ජිමින් එදා රෑ ගත කරන්නෙ එයාලගෙ අපාර්ට්මන්ට් එකෙ කියල අත්දැකීමෙන් ජන්කුක් දන්නවා..

ඔව් කුකී.. ඔයා දන්නවනෙ ඉතින් මං ගැන... හැබැයි අද -

ජිමින් තවත් මොනා හරි කියන්න ගියත් කිචන් එකේ ඉදන් ආව ලීසා ඔම්මා නිසා ජිමින්ට කියන්න ගිය දේ කියාගන්න බැරි උනා. ලීසා ඔම්මා අතේ තිබුනෙ ග්ලාස් තුනක් තියපු ලස්සන ට්‍රේ එකක්.. ඒකත් අරගෙන අර ලස්සන හිනාවත් දාගෙන ලීසා ඔම්මා එනකොට ජන්කුක්ට හිතුනෙම දුවලා ගිහින් ඒ කරේ එල්ලෙන්න උනත් එයා හිටියෙ ටේහ්‍යුන්ගෙ ලග නිසා එයා එහෙමම නොසෙල්වී හිටියා. මොකද ටේහ්‍යුන්ගෙ ලග ඉන්න එක ඔක්කොටම වඩා වැදගත්නෙ !

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now