04✍️

2.2K 427 212
                                    

අද ජන්කුක්ගෙ දෙවෙනි දවස.. ඒ කිව්වෙ එයා ජියෝන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න ඇවිත් ගෙවෙන දෙවෙනි දවස.. ජන්කුක් වෙලාවටම වැඩට ආවා.. ටේහ්‍යුන් උනත් අද පරක්කු නොවී ඇවිත් හිටිය නිසා ජන්කුක්ට බැරි උනා එයා ආසාවෙන් බලන් හිටියා වගේ ටේහ්‍යුන්ට ඇනුම්පදයක් කියන්න.. කොහොම උනත් ඒ දෙන්නා මේ වෙනකන් සමාදානෙන් වැඩ කලා කිව්වොත් හරි..

ඇත්තටම නම් ටේහ්‍යුන් පුරුදු විදියටම හිනාවක් කතාවක් නැතුව එයාගෙ වැඩ කරද්දි ජන්කුක් එයාට පවරපු වැඩ ටික පාඩුවේ කලා.. ජන්කුක්ට ඕනි උනත් කතා කරන්න ඒකට එයාට ක්‍රමයක් තිබුනෙ නෑ. උස්සන් යන්නවත් ටේහ්‍යුන් දීපු වැඩ ටික එයාට තාම ඉවර කරගන්න බැරි උනා..

ඒකට ලොකුම හේතුව තමයි එයා සැරින් සැරේට එයාගෙ අලුත් බොස් දිහා බලන්න ගත්ත එක. ඒක ජන්කුක්ටත් නොදැනි ජන්කුක් අතින් වෙන පුන්චි වැරද්දක්.. කොයි තරම් වැඩට අවදානෙ දෙන්න හැදුවත් ජන්කුක්ගෙ ඇස් එයාටම අකීකරු වෙලා විනාඩි පහෙන් පහට ඒ කඩවසම් රූපෙ දිහාවට හැරවෙනවා..

ටේහ්‍යුන් අදත් ඒක නොදැක්කා හෝ එයා ඒක නොදැක්කා වගේ හැසිරුනා.. ඒ ගැන ජන්කුක්ටත් අදහසක් තිබුනෙ නෑ.. ටේහ්‍යුන් ගොඩක් ඇන්දෙ ලා පාටවල්.. ඒකත් අදුරට හුරු ලා පාටවල්.. ඒකෙන් ඒ සුදු හදුන් පාට හම වැඩියෙන් කැපිලා පෙනුනා කියල ජන්කුක්ට හිතුනා..

දවල් වරුව වෙනකන් ගෙවුනෙ ඔය විදියට උනත් ටිකකින් ජන්කුක්ගෙ අවදානෙ බිදුනෙ කතාකරගෙනම කැබින් එකේ දොරට තට්ටු කරන්නෙවත් නැතුව දොර ඇරගෙන ඇතුලට ආව කෙනා නිසා...

ටේ... අපිට අලුත් ඔත්- ඔහ් ජන්කුකී !!

ජන්කුක්ව දැක්ක හැටියෙ ඒ කෙනාගෙ කකුල් දෙක ඉබේම හිටිතැන නැවතුනා.. කටත් බාගෙට ඇරුනා.. ජන්කුක්ගෙ කියලත් වෙනසක් උනේ නැ... එයත් මේ අලුතින් කඩාපාත් වුන කොට ජීවීයා දිහා බලාගෙන හිටියෙ කට බාගෙට ඇරගෙන.. තොල් දෙක ඕ හැඩේට උල් කරගෙන.

තාරා පැටියා !!!

හොදයි.. පුරුදු විදියටම ටේහ්‍යුනුයි ජන්කුක් කිව්ව විදියට තාරා පැටියා.. නැත්තම් ජිමිනුයි අතර ක්ශනිකව හුවමාරු උන බැල්ම පුදුමෙන් හිටිය ජන්කුක්ගෙ ඇස් වලට මගෑරුනා..

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now